පැතුම්, ලහිරු කුමාර ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට LPL මඟහැරෙයි.
තුන්වන වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි මස 31 වන දින සිට අගෝස්තු 21 දක්වා පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය පෙර අදියර දෙකේම පරිදි මෙවරත් ජැෆ්නා කින්ග්ස් , කලම්බෝ ස්ටාර්ස් , දඹුල්ල ජයන්ට්ස් , හා කැන්ඩි ෆැල්කොන්ස් වශයෙන් කණ්ඩායම් 5 තරඟාවලියට සහභාගි වන අතර මේ වන විට් එම කණ්ඩායම් වල සංචිත ද නම් කර තිබෙනවා.
තරඟාවලියේ කණ්ඩායම් වෙත ක්‍රීඩකයින් ඇතුළත් කර ගැනීමේ Player Draft එක පසුගිය දවසේ පැවැත්වුණ අතර එහිදී එක් කණ්ඩායමට ක්‍රීඩකයින් 20 බැඟින්(ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 14ක් හා විදෙස් ක්‍රීඩකයින් 6 බැඟින්) ක්‍රීඩකයින් 100 දෙනෙකු තෝරාගනු ලැබූවා.
කෙසේ නමුත් මෙම ක්‍රීඩකයින් තෝරාගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුවම කිසිම කණ්ඩායමකින් මිලදි නොගැනීමද දක්වන ලැබුණා.
විශේෂයෙන්ම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 8 ස්ථානයේ සිටින පිතිකරුවා, ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වන පැතුම් නිස්සංක කිසිම කණ්ඩායමකින් ලබානොගැනීම පුදුමයකි.
ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර 2021 වසරේ නුවර කණ්ඩායමේ ක්‍රීඩා කළ අතර, දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය 2021 වසරේ කොළඹ කණ්ඩායමේ සිටි නමුත් මෙවර ඔවුන් දෙදෙනාවද කිසිම කණ්ඩායමකින් මිලදී ගෙන නැහැ..
තවද, ගිය වසරේ කොළඹ කණ්ඩායමේ ක්‍රීඩා කළ කුසල් ජනප්‍රිය ජනිත් පෙරේරා හා ජයග්‍රාහී යාපනය කණ්ඩායමේ සිටි අවිශ්ක ප්‍රනාන්දු යන දෙදෙනාටම මෙවර තරඟාවලිය අහිමිවන අතර එයට හේතුව ඔවුන් දෙදෙනාම සැත්කම් වලට භාජනය වී සිටින නිසාවෙනි.
මේ වන විට ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන සිටින උපුල් තරංග 2021 වසරේද LPL ක්‍රීඩා කළ අතර උපුල් තරංගට හා දිල්ශාන් මුණවීර යන දෙදෙනාටත් මෙවර තරඟාවලිය මඟ හැරෙනවා.
ගිය වසරේ ක්‍රීඩා කළ මෙවර ක්‍රීඩා කොකරන සුපිරි විදෙස් ක්‍රීඩකයින් ගතහොත්, පහුගිය වසරේ තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ක්‍රීඩක සමිත් පටෙල් මෙවර තරඟාවලියට සහභාගි වී නොමැත.
පහුගිය වසරේ ක්‍රීඩා කළ නමුත් මෙවර ක්‍රීඩා නොකරන තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පහළින්,
T Kohler-Cadmore
ඉම්රාන් තහීර්
අසේල ගුණරත්න
රොව්මන් පවෙල්
ලහිරු මධුසංක
ඕෂධ ප්‍රනාන්දු
නූර් අහමඩ්
මොහොමඩ් අමීර්
සුරංග ලක්මාල්
Thanks for your blog, nice to read. Do not stop.
<3