පොඩිමාලි නමින් හඳුන්වන නුවන් තුශාර වෙනුවෙන් ලසිත් මාලිංගගෙන් ට්විටර් පණිවිඩයක්.

දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවතී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට එරෙහි තරඟයෙන් ලකුණු 64කින් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම සමත් වුණා.

 

 

ඊයේ පැවතී මෙම තරඟයේදී නුවන් තුශාර විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 13කට කඩුලු 5ක් දවාගැනීමට සමත් වූ අතර, එය ලංකා ප්‍රිමියර් ලීග් තරඟවලියේ වාර්ථා වුණ දෙවනියට හොඳම පන්දු යැවීමයි. (හොඳම පන්දු යැවීම – ජෙෆ්රි වැන්ඩසේ – ලකුණු 25කට කඩුලු 6ක්)

 

 

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ පන්දු යවන ආකාරයටම පන්දු යවන නුවන් තුශාර හට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විසින් පොඩි මාලි ලෙස හඳුන්වන අතර, ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දක්වන දස්කම් හේතුවෙන් ලසිත් මාලිංග තම ට්විටර් ගිනුමේ ඔහු වෙනුවෙන් සටහනක් එක් කර තිබුණා.

 

 

ලසිත් මාලිංග විසින් දක්වා තිබුණේ නුවන් තුශාර නිසි පාලනයකින් යුක්තව පන්දු යවමින් සිටීම ගැන තමන් සතුටුවන බවයි.

 

 

ඊට අමතරව කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රට වසා තිබූ කාලයේදී සිය ගමේදී නුවන් තුශාර පන්දු යවන ආකාරය පිළිඹඳව වීඩියෝ දර්ශන නරඹමින් විශ්ලේෂණයක් සිදුකළ ආකාරය ගැනත් මෙහිදී ලසිත් මාලිංග විසින් සටහන් කර තිබුණා.

ලසිත් මාලිංග, නුවන් තුශාර සමඟින් සාකච්ඡා කර, ඔහුගේ පන්දු යැවීමේ කළ යුතු වෙනස්කම් පිළිඹඳවද පෙන්වා දුන් බව තවදුරටත් සඳහන් කර ඇති අතර ඔහුගේ T20 දිවියේ වාර්ථා කළ හොඳම පන්දු යැවීමටත්, ලසිත් මාලිංග විසින් සුභ පැතුම් එක් කර තිබෙනවා.

 

 

 

මේ වන විට නුවන් තුශාර (පොඩිමාලි) මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ 7ක් ක්‍රීඩා කරමින්, කඩුලු 11ක් ලබාගනිමින්, මෙවර තරඟාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන් අතර 8 වන ස්ථානයේ රැඳී සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *