පොලාඩ්ගේ වේගවත් ඉනිම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පෙරළකාරී ජයක්.

2021 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 27වන තරඟය ලෙස අද (01) පැවතී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපිර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟය දෙපිළම අතර දෝලයන වීමෙන් පසු අවසානයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 4ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් රෝහිට් ශර්මා පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 218ක් ලබා ගැනීමට සමත් වුණා.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් Ambati Rayudu වැඩිම ලකුණු රැස් කිරීමට සමත් වූ අතර ඔහු පන්දු 27කදී හතරේ පහර 4ක් හා හයේ පහර 7ක් සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 72ක්. ඊට අමතරව Faf du Plessis ලකුණු 50ක් හා Moeen Ali ලකුණු 58ක් රැස් කිරීමට සමත් විය. තම අයි.පී.එල් ඉතිහාසයේ දුර්වලතම පන්දුවාර හතර යැවූ Jusprit Bumrah ගේ පන්දුවාර හතරට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූයේ හතරේ පහර 4ක් හා හයේ පහර 4ක් ද සමඟිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පලමු කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් එක් කිරීමට සමත් විය. ඉන් අනතුරුව ලකුණු 10ක් ඇතුළත කඩුලු 3ක් බිඳ වැටුන අතර ඉන් අනතරුව පිටියට පිවිසී කිරන් පොලාඩ් හා Krunal Pandya හතරවන කඩුල්ලට වේගවත් ලකුණු 89කම සබඳතාවක් එක් කළේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජයග්‍රාහී බලාපොරොත්තුවක් එක් කරමින් ය. එහිදී කිරන් පොලාඩ් පන්දු 17ක් පමණක් වැය කරමින් අර්ධ ශතකය සම්පූර්ණ කළේ චෙන්නායි පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයකට ලක් කරමින්ය.

අවසානයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීමට අවසන් පන්දුවාරයේදී ලකුණු 16ක් අවශ්‍ය වූ අතර කිරන් පොලාඩ් විසින් හයේ පහරක් හා හතරේ පහර 2ක් ද සමඟින් තරඟය අවසන් කිරීමට සමත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 4ක විශිෂ්ඨ ජයක් ලබා දෙමින් ය. තරඟයේ වීරයා වූ කිරන් පොලාඩ් පන්දු 34ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 84ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා දැවැන්ත හයේ පහරවල් 8ක් ඇතුළත් විය.

කිරන් පොලාඩ්ගේ හයේ පහරවල් හා තරඟයේ විශේෂ අවස්ථා නරඹන්න Click කරන්න. (VIDEO)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *