පෞද්ගලික රෝහලක සිදුවූ වරදින් Team Sri Lanka හි ක්‍රීඩකයින් 4ක් ස්වයං නිරෝදායනයට. ලෙජන්ඩ් කණ්ඩායම සමඟ තරඟය අහිමි වෙයි.

පෞද්ගලික රෝහලක සිදු කළ PCR පරීක්ශණ වාර්තා වල වැරැද්දක් හේතුවෙන් එළබෙන මැයි මාසයේ 4 වෙනිදා ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම (ශ්‍රී ලංකා ග්‍රේට්ස්) හා ශ්‍රී ලංකා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරඟයට නම් කළ ශ්‍රී ලංකා ටීම් සංචිතයේ ක්‍රීඩකයින් හතර දෙනෙකු ස්වයං නිරෝදායනයට ලක් කර තිබෙනවා.

ඔවුන්ගේ කළ PCR පරීක්ශණයේ වාර්ථාව මුලදී Negative ලෙස සඳහන් වී ඇති අතර පසුව කළ Antigen පරීක්ෂාවේ දී Covid-19 Positive වී තිබෙනවා. පසුව නැවතත් කලින් කළ PCR වාර්තාව පරීක්ෂා කිරීමේදී එය Covid-19 Positive ලෙස සඳහන් වී තිබෙනවා.

එලෙස ස්වයං නිරෝදායනය කළ ඇත්තේ අශේන් බණ්ඩාර, ධනංජය ලක්ශාන්, මහේෂ් තීක්ෂණ හා මොහොමඩ් සිරාස් යන ක්‍රීඩකයින් හතර දෙනායි.

ඒ අනුව ලබන 4 වෙනිදා පැවැත්වීමට නියමිත තරඟය ඔවුන් හතර දෙනාට අහිමි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *