බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව වේගපන්දු යවන්නන් හතර දෙනෙක් සමඟින් ක්‍රීඩා කිරීමට හේතුව,

විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවතී තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, තරඟයෙන් අනතුරුව ලකුණු 53ක් ලබාගත් බානුක රාජපක්ෂ තරඟයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් තරඟය පිලිඹඳව අදහස් ප්‍රකාශ කර සිටියා.

 

 

 

 

“ඉනිම පටන් ගත්ත වෙලාවෙම විකට් එකක් ගිය වෙලාවේ චරිත් අසලංක සිටුවේශන් එක හැන්ඩ්ල් කරපු විදිහ අතිවිශිෂ්ඨයි. මම පන්දුවට පහරදෙන්න ආපු වෙලාවේ ලකුණු 20ක් පමණ ලබාගෙන තිබුණ වෙලාවේ මම චරිත් අසලංකට කිව්වා මම අවස්ථාවක් අරගෙන ගහන්නම් කියලා. අපි හිතපු විදියට හැමදේම කරන්න පුලුවන් වුණා. ඒ නිසා තරඟය අපිට ජයග්‍රහණය කිරීමට හැකි වුණා.

 

 

 

 

මේ අතර, නෙදර්ලන්තයට එරෙහිව පැවතී තරඟයේදී මහීශ් තීක්ශණ ආබාධයකට ලක් වූ අතර, මහීශ් වෙනුවට අද වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සමඟින් තරඟය ක්‍රීඩා කිරීමට හේතුව ලෙස බානුක දැක්වූයේ මෙවන් අදහසක්.,

 

“මහීශ් තීක්ශණ වෙනුවට ෆාස්ට් බෝලර් කෙනෙක්ව ක්‍රීඩා කරවීමට හේතුව මම හරියටම දන්නෙ නැහැ. හැබැයි මට හිතෙන විදිහට සාජා වල අපි අන්තිමට ගහපු තරඟයේ ස්පින් එකට වඩා වේග පන්දු යවන්නන්ට ගහන්න අමාරු වුණා. අපි දැකලා තියනවා බංගලාදේශ කණ්ඩායමේ ටොප් ඕඩර් එක වමත් වේගපන්දු යවන්නන්ගේ පන්දුවලට කඩුල්ල මුවා කරලා දැවී යනවා. මම හිතන්නේ ඒක තමයි වේගපන්දු යවන්නන් හතර දෙනෙක් එක්ක තරඟය ක්‍රීඩා කරන්න හේතුව.”

 

 

 

 

අද තරඟයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 80 රැස් කරගත් චරිත් අසලංක තරඟයෙන් පසුව, තමාට රට වෙනුවෙන් ජයග්‍රාහී ඉනිමක් දියත් කිරීමට හැකිවීම ගැන සතුටු වන බව හා ඉදිරියටත් මේ විදිහට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව පවසා සිටියා.

 

 

 

 

” මගේ රට වෙනුවෙන් ජයග්‍රාහී ඉනිමක් දියත් කිරීමට හැකිවීම පිළිඹඳව සතුටු වෙනවා. අද මට ගොඩාක් සතුටුයි. ඒ වගේම මගේ යාළුවන්ටත් ගොඩක් සතුටු ඇති. මම පලවෙනි පන්දුවට මුහුණ දෙනකොටම තේරුනා මේක පිතිකරණයට පහසු තණතීරුවක් කියලා. බානුක රාජපක්ෂත් ඉතාමත් හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. ඉදිරි තරඟ වලදිත් මගේ රට වෙනුවෙන් මේ විදියටම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” – චරිත් අසලංක

 

 

 

 

මේ අතර නායක දසුන් ශානක පවසා සිටියේ ලකුණු 172ක් හඹාගෙන යන එක අපහසු බවත්, තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වීම ගැන සතුටු වන බවයි.

 

” ලකුණු 172ක් හඹායන එක ලේසි නෑ කියලා අපි දැනගෙන හිටියා. හැබැයි පොඩි ක්‍රීඩාංගණයක පිතිකරුවන් විකට් එකේ හිටියොත් මේක අමාරු දෙයක් නෙමේයි කියලත් අපි දැනගෙන හිටියා. චරිත් අසලංක හා භානුක රාජපක්ෂ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. ඒ ඉනිම් ද්විත්වයම අතිවිශිෂ්ඨයි. ගොඩාක් සතුටුයි තරුණ ක්‍රීඩකයන් මේ විදියට කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන එක ගැන.” – නායක දසුන් ශානක

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *