බංගලාදේශයට එරෙහි තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක්.
විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පලමු තරඟයෙන් බංගලාදේශයට එරෙහිව කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. (වීඩියෝව පහලින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබාගැනීමට සමත් වුණා.
බංගලාදේශ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Mohammed Naim පන්දු 52කදී හතරේ පහරවල් 6ක් සමඟින් ලකුණු 62ක් රැස් කිරීමට සමත් වූ අතර, මුශ්ෆිකර් රහීම් පන්දු 37කදී හතරේ පහරවල් 5ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 57ක් ලබාගැනීමට සමත් වුණා.
පෙර තරඟයේදී සිදුවූ ආබාධය හේතුවෙන් මහීශ් තීක්ශණ වෙනුවට අද තරඟය බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කළ අතර, අද දින ශ්‍රී ලංකා කණ්ඩායමට කැපී පෙනෙන දස්ක්ම් දැක්වීමට නොහැකි වුණා. චාමික කරුණාරත්න පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 12කට විකට් එකක් දවාගත් අතර, බිනුර ප්‍රනාන්දු හා ලහිරු කුමාර අතරෙ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.
ලකුණු 172ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස කුසල් ජනිත් ලකුණු 1කට දැවී ගිය අතර, ඉන් පසුව පිටියට පිවිසී චරිත් අසලංක හා පැතුම් නිස්සංක එක්ව දෙවන කඩුල්ල ලකුණු 70ක සබඳතාවක් එක් කිරීමට සමත් වුණා. ඉන්පසුව පිටියට පිවිසී අවිශ්ක ප්‍රනාන්දු හට ලකුණු ලබාගැනීමට හැකියාව නොලැබුණ අතර වනිඳු හසරංගට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 6ක් පමණයි.
අනතුරුව පස්වන කඩුල්ලට චරිත් අසලංක හා බානුක රාජපක්ෂ එක්වෙමින් ලකුණු 86ක සබඳතාවක් පවත්වමින් කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යාමට සමත් වූ අතර චරිත් අසලංක පන්දු 49කදී හතරේ පහරවල් 5ක් හා හයේ පහරවල් 5ක් සමඟින් නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත් වූ අතර බානුක රාජපක්ෂ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හතරේ පහරවල් 3ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 172ක් ලබාගනිමින් තරඟය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් නොදැවී ලකුණු 80ක් රැස්කරගත් චරිත් අසලංක තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වුණා.
බංගලාදේශ ක්‍රීඩකයා ලහිරු කුමාර සමඟ ඇතිකර ගත් ආරවුල වීඩියෝව.