බංගලාදේශයේදී පැවතී යෝග්‍යතා පරීක්ශණයේදී ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු යෝග්‍යතා පරීක්ශනය අසමත් වෙයි.

නව ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් සිදු කරන යෝග්‍යතා පරීක්ෂණ දින 40කට වරක් පැවත්වෙන අතර එහිදී 2KM ක දුරක් විනාඩි 8 යි තප්පර 35කට අඩු වේලාවකින් දිවීම අවසන් කර යුතු වෙනවා.


ගියවර පැවතී පරීක්ෂණයෙන් අවිශ්ක ප්‍රනාන්දු , දනුශ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, දිල්රුවන් පෙරේරා යන ක්‍රීඩකයින් අසමත් වුවද, ඉන් පසු දනුශ්ක ගුණතිලක දින කිහිපයකට පසු එම පරීක්ශනය සමත් වීමට හැකි වුවත්, අවිශ්ක ප්‍රනාන්දු එම පරීක්ශනය සිදු කර නැති බව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියා.


ඒ අනුව පසු ගිය යෝග්‍යතා පරීක්ශනයෙන් සමත් වූ ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ඉකුත් දා බංගලාදේශය බලා පිටත් වූ අතර ඊයේ දිනයේ බංගලාදේශයේදි නැවත වරක් සිදු කරන ලද යෝග්‍යතා පරීක්ශණයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු පරීක්ශනයෙන් අසමත් වී ඇති බව වාර්ථා වේ.


කෙසේ නමුත් එලෙස අසමත් වී ඇති ක්‍රීඩකයින් දෙදෙනාගේ නම් සඳහන් නොවන අතර , නැවත එංගලන්තය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට පෙර ඔවුන් දෙදෙනා නැවත මෙම පරීක්ශනයට ඉදිරිපත් වී සමත් වීමට නොහැකි වුවහොත් ඔහුන් දෙදෙනාට එංගලන්තය සංචාරය අහිමි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *