බංගලාදේශය හතරවන ස්ථානයට පත් වෙද්දී ශ්‍රී ලංකාව 12 වන ස්ථානය දක්වා පහළට.
ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පලමු එක්දින තරඟය ඊයේ (23) පැවතී අතර ඉන් ලකුණු 33ක ජයක් ලබාගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.
එම ජයග්‍රහණයත් සමඟ බංගලාදේශය කණ්ඩායම අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 4 වන ස්ථානයට පැමිණීමට හැකි විය.

බංගලාදේශ කණ්ඩායම සුපිර් ලීගය යටතේ මේ වන විට තරඟ 7ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරඟ 4ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 40ක් ලබාගෙන සිටියි.
ප්‍රසාද ලකුණු පුවරුවේ එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 40ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානයේ සිටින අතර බංගලාදේශය කණ්ඩායම ප්‍රසාද ලකුණු 40ක් ලබාගනිමින් 4 වන ස්ථානයේ රැඳී සිටින්නේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු අගයක් නිසාවෙයි.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී සුපිර් ලීගය යටතේ මේ වන විට තරඟ 4ක් ක්‍රීඩා කර ඇති අතර එම තරඟ හතරම පරාජයට පත් වීමට සිදුවී ඇත.
රටවල් 13ක් සහභාගී වන අයි.සී.සී සුපර් ලීග් තරඟාවලියේ ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 12වන ස්ථානයයි. දඬුවම් ලකුණු 2ක් ද සමඟින් ශ්‍රී ලංකාවට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව -2 කි.
ශ්‍රී ලංකාවට පහළින් සිටින නෙදර්ලන්තය තවමත් කිසිඳු තරඟයක් ක්‍රීඩා කර නොමැත.
අද (24) වන විට ප්‍රසාද ලකුණු පුවරුව –
1. එංගලන්තය – තරඟ 9 – ජය 4 – පරාජයන් 5 –
ප්‍රසාද ලකුණු 40 – NRR 0.468
2. පකිස්ථානය – තරඟ 6 – ජය 4 – පරාජයන් 2 –
ප්‍රසාද ලකුණු 40 – NRR 0.422
3. ඕස්ට්‍රේලියාව – තරඟ 6 – ජය 4 – පරාජයන් 2 –
ප්‍රසාද ලකුණු 40 – NRR – 0.347
4. බංගලාදේශය – තරඟ 7 – ජය 4 – පරාජයන් 3 –
ප්‍රසාද ලකුණු 40 – NRR -0.003
5. නවසීලන්තය – තරඟ 3 – ජය 3 – පරාජයන් 0 –
ප්‍රසාද ලකුණු 30 – NRR 2.352
6. ඇෆ්ගනිස්තානය – තරඟ 3 – ජය 3 – පරාජයන් 0 –
ප්‍රසාද ලකුණු 30 – NRR 0.527
7. බටහිර ඉන්දීය කොදෙව් – තරඟ 6 – ජය 3 – පරාජයන් 3 – ප්‍රසාද ලකුණු 30 – NRR -0.876
8. ඉන්දියාව – තරඟ 6 – ජය 3 – පරාජයන් 3 –
ප්‍රසාද ලකුණු 29 – NRR -0.252
9. සිම්බාබ්වේ – තරඟ 3 – ජය 1 – පරාජයන් 2 –
ප්‍රසාද ලකුණු 10 – NRR -0.741
10. අයර්ලන්තය – තරඟ 6 – ජය 1 – පරාජයන් 5 –
ප්‍රසාද ලකුණු 10 – NRR -1.076
11. දකුණු අප්‍රිකාව – තරඟ 3 – ජය 1 – පරාජයන් 2 –
ප්‍රසාද ලකුණු 9 – NRR -0.080
12. ශ්‍රී ලංකාව – තරඟ 4 – ජය 0 – පරාජයන් 4 –
ප්‍රසාද ලකුණු (-2) – NRR -0.324