බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරයි.
මෙම වසරේ මැයි මස 15 වැනිදා සිට 27 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා තරඟ වැදීමට නියමිත ක්‍රීඩකයින් 23ක් ඇතුලත් ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.
ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් මෙම තරග දෙක ක්‍රීඩා කිරීමට සඳහා ශ්‍රී ලංකා සංචිතය මැයි 8 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත වන අතර තෝරාගෙන ඇති ක්‍රීඩකයින් 23කින් යුත් මූලික සංචිතයෙන් ක්‍රීඩකයින් 18 දෙනෙක් තරඟාවලියට සහභාගී වන බවයි සදහන් වන්නේ.
මෙම මූලික සංචිතය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ඇතුලත්ව නොමැති වීම කැපී පෙනෙන අතර පසුගිය ඉන්දීය තරගාවලියට ක්‍රීඩා කර යොවුන් ක්‍රීඩක චරිත් අසලංකගේ දණහිසේ ශල්‍යකර්මයක් සිදු කර තිබෙන බැවින් ඔහු මේ තරගාවලියේ සංචිතයට ඇතුලක් කර නොමැත.
නිමාවුණු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී දසුකම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද මෙම සංචිතය සඳහා නම් කර තිබෙනවා.
එම තරඟාවලියේ තරග 4කදී ලකුණු 304ක් ලබාගෙන 101.33ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවාගත් ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා නැවතත් තේරීම් කමිටුවේ අවධානයට ලක්ව තිබෙන අතර, එම සිව්දින තරගාවලියේ දී තරග 4ක කඩුලු 12ක් දවාගත් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද මේ මූලික සංචිතයට ඇතුලත් කර තිබෙනවා.
තවද එම තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වූ 22 හැවරිදි ලක්ෂිත මණසිංහ පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් මූලික සංචිතයක් සඳහා කැඳවා තිබෙන අතර, ඔහු එම නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ තරග 4කදී කඩුලු 15ක් දවාගැනීමට සමත්වී ඇත.
නිමාවුණු ඉන්දීය ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයේ නොසිටි, ඕෂද ප්‍රනාන්දු ද මේ සංචිතයට ඇතුලත් කර අති අතර ඔහු නිමා වුනු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත්වුනා. එම තරගාවලියේ ඔහු තරග 6කදී ලකුණු 721ක් ලබාගෙන තිබුනේ 80.11ක සාමාන්‍යයක් රඳවාගෙනයි.
ඊට අමතරව ආබාධයක් හේතුවෙ ඉන්දීය තරඟාවලියට සහභාගී වීමට නොහැකි වූ රමේශ් මෙන්ඩිස් මෙම සංචිතයට එක්වී තිබෙන අතර, වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද සංචිතයට ඇතුළත්.
ක්‍රීඩකයින් 23කින් යුත් ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය මෙන්න.
1) දිමුත් කරුණාරත්න (නායක)
2) පැතුම් නිස්සංක
3) ඕෂද ප්‍රනාන්දු
4) ධනංජය ද සිල්වා
5) ඇන්ජලෝ මැතිව්ස්
6) කුසල් මෙන්ඩිස්
7) කමිල් මිශාර
8) රොෂේන් සිල්වා
9) නිරෝෂන් දික්වැල්ල
10) දිනේෂ් චන්දිමාල්
11) රමේෂ් මෙන්ඩිස්
12) චාමික කරුණාරත්න
13) කසුන් රාජිත
14) විශ්ව ප්‍රනාන්දු
15) අසිත ප්‍රනාන්දු
16) ඩිල්ශාන් මදුශංක
17) ශිරාන් ප්‍රනාන්දු
18) මොහොමඩ් ශිරාස්
19) ප්‍රවීන් ජයවික්‍රම
20) ලසිත් ඇඹුල්දෙණිය
21) ජෙෆ්රි වැන්ඩසේ
22) ලක්ෂිත මණසිංහ
23) සුමින්ද ලක්ෂාන්.
තරඟාවලියේ තරඟ කාලසටහන
දෙදින පුහුණු තරඟය – මැයි 11 – 12
පලමු ටෙස්ට් තරඟය – මැයි 15 – 19
තුන්වන ටෙස්ට් තරඟය – මැයි 23 – 27