බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.
මෙම වසරේ මැයි මස 15 වන දින සිට 27 වන දින තෙක් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟය 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් බංගලාදේශයේ දී ආරම්භක වීමට නියමිත වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංතියක් නම් කර තිබෙනවා.
මීට පෙර පැවතී National Super League සිව්දින තරඟාවලියේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා හා පහුගිය තරඟාවලි වලදී ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා අනුව ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඉන් පසුව එම සංචිතයෙන් 18 දෙනෙකු තෝරා අවසන් සංචිතය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර පිටියෙන් සමුගත් පසුව පැවැත්වෙන පලමු ටෙස්ට් තරඟාවලිය වන අතර, ඔහුගේ අඩුව පිරවීම සඳහා කසුන් රාජිත , අසිත ප්‍රනාන්දු නැවතත් කණ්ඩායම කැඳවා තිබෙනවා.
නැශනල් සුපර් ලීග් තරඟාවලියේ දැක්වූ දක්ශතා අනුව ඕෂධ ප්‍රනාන්දු හා දිගින් දිගටම අසාධාරණයට ලක්වූ රොශේන් සිල්වා මෙම අවසන් 18 දෙනා අතරට නම් කර තිබූ නමුත්, අද (27) දින රොශේන් සිල්වා ඉවත්කර එම ස්ථානයට නැශනල් සුපර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් සංචිතයට කැඳවා තිබෙනවා.
යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක ආබාධයක් හේතුවෙන් මෙම තරඟාවලියට ක්‍රීඩා නොකර අතර, ඡේශ්ඨ ක්‍රීඩකයෙක් වන ළහිරු තිරිමාන්න හා යොවුන් ක්‍රීඩක චරිත් අසලංක ද මෙම සංචිතයෙන් ඉවත්කර තිබෙනවා.
මේ අතර ආබාධයක් හේතුවෙන් නිමාවූ ඉන්දීය සංචාරය ක්‍රීඩා නොකළ තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පූර්ණ සුවය ලබා නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්වී තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
1) දිමුත් කරුණාරත්න – නායක
2) ඕෂධ ප්‍රනාන්දු
3) දනංජය ද සිල්වා
4) ඇන්ජලෝ මැතිව්ස්
5) කමිල් මිශාර
6) කුසල් මෙන්ඩිස්
7) කමිඳු මෙන්ඩිස්
8) නිරෝශන් දික්වැල්ල
9) දිනේශ් චන්දිමාල්
10) රමේශ් මෙන්ඩිස්
11) චාමික කරුණාරත්න
12) කසුන් රාජිත
13) විශ්ව ප්‍රනාන්දු
14) අසිත ප්‍රනාන්දු
15) ඩිල්ශාන් මදුශන්ක
16) ප්‍රවීන් ජයවික්‍රම
17) ලසිත් ඇඹුල්දෙණිය
18) සුමින්ද ලක්ශාන්
වනිඳු හසරංග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලබාගත් වටිනා කඩුලු දෙක වීඩියෝව මෙන්න. (Click)