“බංග්ලාදේශය ප්‍රේක්ෂකයින් මාව ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලෙස හදුන්වනවා” – මුෂ්ෆිකර් රහීම් පවසයි.
(මුෂ්ෆිකර් රහීම් මාධ්‍යට පැවසූ දේ පහළින් කියවිය හැක) ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු ටෙස්ට් තරඟය මැයි 15 වන දින ආරම්භක වූ අතර අද (19) දින තරඟය ජය පරාජයෙන් තොරව නිමා වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් පලමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 397ක් ලබාගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකා පලමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 397කට මුහුණදෙමින් හතරේ පහර 19ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 199ක් ලබාගැනීමට සමත්වුණා. ඇන්ජලෝ මැතිව්ස් හට ටෙස්ට් දිවියේ දෙවන ද්විත්ව ශතකය එක් ලකුණකින් අහිමිවිය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු පන්දු 131කදී හතරේ පහර තුනක් සමඟින් ලකුණු 54ක් හා දිනේශ් චන්දිමාල් පන්දු 148කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 66ක් ලබගත් අතර ඕෂධ ප්‍රනාන්දු පන්දු 76කදී ලකුණු 36ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී බංග්ලාදේශ යොවුන් ක්‍රීඩක Nayeem Hasan සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 105කට කඩුලු 6ක් බිඳ දැමූ අතර ශකිබ් අල් හසන් ලකුණු 60කට කඩුලු 3ක් හා Taijul Islam ලකුණු 107කට එක් කඩුල්ලක්ද බිඳ දැමීය.

අනතුරුව බංග්ලාදේශය කණ්ඩායම පලමු ඉනිම ආරම්භක කරමින් ඔවුන් පලමු ඉනිම වෙනුවෙන් ලකුණු 465ක් ලබාගැනීමට සමත්වුණා.
එහිදී වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 218 කදී හතරේ පහර 15ක් සමඟින් ලකුණු 133ක් ලබාගැනීමට සමත්විය. එම ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ 10 වන ශතකය වේ.

ඊට අමතරව මුෂ්ෆිකර් රහීම් පන්දු 282කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 105ක් ලබාගැනීමට සමත්වූ අතර, ලිටන් දාස් පන්දු 189කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 88ක් හා Mohmudul Hasan පන්දු 142කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 58ක් ලබාගැනීමට සමත්වුණා.

මුෂ්ෆිකර් රහීම් ශතකය ලබාගැනීමෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ බංගලාදේශ ප්‍රේක්ෂකයින් ඔහුව ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලෙස හඳුන්වන බවයි.
මුෂ්ෆිකර් රහීම් මෙම ශතකයත් සමඟින් බංග්ලාදේශයය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000ක් ලබාගත් පලමු ක්‍රීඩකයා බවට පත්වීමට සමත්වූ අතර, මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්,

“මගේ රට වෙනුවෙ ටෙස්ට් ලකුණු 5000ක් ලබාගත් පලමු ක්‍රීඩකයා වීම ගැන මම සතුටු වෙනවා. නමුත් මම අවසාන ක්‍රීඩකයා නොවන බවත්, අපේ රට වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000ක් 10,000ක් දක්වා ලබාගැනීමට හැකි දක්ෂ ක්‍රීඩකයින් අපිට සිටිනවා.”
“මම ශතකයක් ලබාගත් විට බංග්ලාදේශයේ ප්‍රේක්ෂකයින් මාව ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලෙස හඳුන්වනවා. එහි වැරැද්දක් මම දකින්නේ නැහැ. නමුත් ලකුණු ලබාගැනීමට නොහැකි වූ විට මම ගොඩාක් දුකට පත්වෙනවා.” – මුෂ්ෆිකර් රහීම්

බංග්ලාදේශය පලමු ඉනිමේ කඩුලු 4ක් දවාගැනීමට කසුන් රාජිත සමත්වූ අතර ඔහු පන්දුවාර 24.1ක් අවසානයේදී ලකුණු 60ක් පමණක් ලබාදී එම කඩුලු 4 ලබාගත් අතර මෙය ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීමද වේ. ඊට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 72කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, දනංජය ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය ද එක් කඩුල්ල බැඟින් දවාගනු ලැබීය.

ඉන් අනතුරුව බංග්ලාදේශය පලමු ඉනිමට වඩා ලකුණු 68ක් පිටුපසින් සිට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම ආරම්භක කළ අතර ඔවුන් තරඟය අවසන් වන තෙක්ම පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබාගැනීමට සමත්වුණා.
එහිදී වැඩිම ලකුණු ලාභියා වූ නිරෝශන් දික්වැල්ල පන්දු 96කදී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක දිමුත් කරුණාරත්න පන්දු 138කට මුහුණදෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් හා කුසල් මෙන්ඩිස් පන්දු 43කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබාගත් අතර දිනේශ් චන්දිමාල් පන්දු 135කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Taijul Islam පන්දුවාර 34ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 82කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, ශකිබ් අල් හසන් ලකුණු 58කට එක් කඩුල්ලක් බිඳ දැමීය.
ඒ අනුව දෙරට අතර පලමු ටෙස්ට් තරඟය ජය – පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගත් සමත්වූයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 199ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් වේ.
