බංග්ලාදේශ කණ්ඩායමට ඓතිහාසික එක්දින තරඟාවලි ජයක්.

දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය අතර දකුණු අප්‍රිකාවේදී පැවතී තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ අවසන් තරඟය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමත් සමඟින් තරඟාවලිය තරඟ 2-1ක් ලෙස ජයගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ට පලමු ඉනිම සඳහා පන්දුවාර 37ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 154ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Janneman Malan පන්දු 56කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 39ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව, Keshav maharaj පන්දු 39කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් හා Dwaine Pretorius පන්දු 29කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබාගත් නමුත් අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය.

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ටස්කින් අහමඩ් පන්දුවාර 9ක් අවසානයේදී ලකුණු 35කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව ශකීබ් අල් හසන් ලකුණු 24කට කඩුලු 2ක් හා Shoriful Islam , Mehidy Hasan අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

 

අනතුරුව ලකුණු 155ක පහසු ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 26.3කට පමණක් මුහුණදෙමින් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 156ක් පමණක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක තමීම් ඉක්බාල් පන්දු 82කදී හතරේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 87ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව, Litton Das පන්දු 57කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 48ක් ලබාගත් අතර ශකීබ් අල් හසන් පන්දු 20කදී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබාගැනීමට සමත්විය.

 

බංග්ලාදේශ ඉනිමේ බිඳවැටුන කඩුල්ලට හිමිකම් කීවේ Keshav Maharaj වේ.

ඒ අනුව බංග්ලාදේශය කණ්ඩායම මෙම තරඟය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමත් සමඟින් දකුණු අප්‍රිකාව තුළදී,දකුණු අප්‍රිකාවට එරෙහිව පලමු වතාවට එක්දින තරඟාවලියක් ජයග්‍රහණය කිරීමට සමත්විය. මෙම තරඟයේ හා තරඟාවලියේ වීරයා සම්මාන දෙකම දිනාගනු ලැබූයේ ටස්කින් අහමඩ් වේ.

 

එමෙන්ම, එවැනි දස්මක් කළ තුන්වන ආසියානු රට බවටද බංග්ලාදේශ කණ්ඩායම පත්වූ අතර මීට පෙර දකුණු අප්‍රිකාවේදී, දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් වාර්තා කළ තිබුණේ ඉන්දියාව හා පකිස්තානය පමණයි. ශ්‍රී ලංකාවට තවමත් දකුණු අප්‍රිකාවේදී , දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් වාර්තා කිරීමට නොහැකි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *