බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පරදා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.
අබුඩාබි T10 ලීග් තරඟාවලියේ 27වන තරඟය ලෙස අද (01) පැවතී Bangla Tigers කණ්ඩායම හා Deccan Gladiators කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 62ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට වනිඳු හසරංග ක්‍රීඩා කරන Deccan Gladiators කණ්ඩායම සමත් වුණා.(වීඩියෝ පහළින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Bangla Tigers කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Deccan Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 10ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 140ල් ලබාගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Tom Kohler-Cadmore වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 39කදී හතරේ පහර 12ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 96ක් ලබාගැනීමට සමත්විය. මෙය Abudabi T10 ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් ඉනිමක රැස්කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.
ඊට අමතරව Andrew Russell පන්දු 18කදී හයේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබාගැනීමට සමත් වූ අතර, Odean Smith පන්දු 3කදී හයේ පහර දෙකක් සමඟින් ලකුණු 12ක් ලබාගැනීමට සමත් විය.
Bangla Tigers කණ්ඩායමේ සියලුම පන්දු යවන්නන් ප්‍රහාරයකට ලක්වූ අතර, Luke Wood පමණක් පන්දුවාර 2කදී ලකුණු 36කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය. Bangla Tigers කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඉසුරු උදානගේ පන්දුවාර 2ක තුළදී ලකුණු 31ක් රැස්කර ගැනීමට Deccan Gladiators පිතිකරුවන් සමත්විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Bangla Tigers කණ්ඩායමට පන්දුවාර 8.3ක් අවසානයේදී කඩුලු 9ක් දැවී (Mohommad Amir – Absent Hurt) ලබාගැනීමට හැකි වූයේ ලකුණු 78ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඉසුරු උදාන පන්දු 11කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව Faf du plessis පන්දු 11කදී ලකුණු 15ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු Johnson Charles ලකුණු 10ක් ලබාගැනීමට සමත් විය. අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් පැමිණීමට නොහැකි විය.
පන්දු යැවීමේදී Deccan Gladiators කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 2 අවසානයේදී ලකුණු 8කට කඩුලු 5ක් දවාගැනීමට සමත් විය. වනිඳු හසරංගගේ දෙවන පන්දුවාරයේදී කිසිඳු ලකුණක් ලබානොදී කඩුලු 3ක් දවාගැනීමට වනිඳු හසරංගට හැකිවිය.
ඊට අමතරව Wahab Riaz, sultan Ahmed , Tymal Mills හා Odean Smith ද එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත් විය.
ඒ අනුව Deccan Gladiators කණ්ඩායම තරඟය ලකුණු 62 කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ ලකුණු 8කට කඩුලු 5ක් දවාගැනීමට සමත් වූ වනිඳු හසරංග වේ.
වනිඳු හසරංග ලබාගත් කඩුලු 5 වීඩියෝව,
Wanindu Hasaranga | 5 Wickets | Vs Bangla Tigers ( Over 2 | Runs 8 | Wickets 5)#AbuDhabiT10 #DGvsBT pic.twitter.com/kylbG2juD4
— Stay Cricket (@staycricket) December 1, 2021