බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරඟයේ යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමගෙන් ලෝක වාර්ථාවක්.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පලමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වෙන අතර, පලමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 386ක් ලබාගැනීමට සමත්විය. ඊට පිලිතුරු වශයෙන් කොදෙව් කණ්ඩායමට පලමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 230ක් පමණයි. (වීඩියෝව පහළින් නැරඹිය හැක)

 

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දැවී ගිය කඩුලු 10න් 9ක්ම දඟපන්දු යවන්නන් විසින් ලබාගත් අතර, සුරංග ලක්මාල් ද එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.

මෙම තරඟයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පලමු ඉනිමේ කඩුලු 4ක් දවාගැනීමට  යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සමත් විය.

 

 

මේ ඔහු ටෙස්ට් දිවියේ පන්දුයැවූ තුන්වන ටෙස්ට් ඉනිම වන අතර, ඔහු ක්‍රීඩා කළ පලමු ටෙස්ට් තරඟයේ ඉනිම් දෙක තුළදීම සාර්ථකව පන්දු යවමින් පලමු ඉනිමේ කඩුලු 6ක් හා දෙවෙනි ඉනිමේ කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.

 

 

ඒ අනුව, සිය මංගල ටෙස්ට් ඉනිමේ සිට ක්‍රීඩා කළ ඉනිම් තුන තුළදීම කඩුලු 4 බැගින් දවාගත් ලොව ප්‍රථම වමත් දඟ පන්දු යවන්නා බවට පත්වීම්ට ප්‍රවීන් ජයවික්‍රම අද සමත්වුණා.

පලමු ටෙස්ට් තරඟයේ, (බංගලාදේශයට එරෙහිව)
• පලමු ඉනිම – 6/92
• දෙවැනි ඉනිම –  5/86

 

 

දෙවැනි ටෙස්ට් තරඟයේ, (Vs බටහිර ඉන්දීය කොදෙව්)
• පලමු ඉනිම – 4/40

මීට පෙර 2007 බංගලාදේශ ක්‍රීඩක අබ්දුර් රෙහෙමාන් සිය මුල් ඉනිම් දෙකකදී කඩුලු 4 බැඟින් දවාගෙන, එම වාර්ථාවට හිමිකම් කියූ අතර, ප්‍රවීන් ජයවික්‍රම පලමු ඉනිම් තුන තුළදීම කඩුලු 4 බැඟින් ලබාගැනීම හේතුවෙන් ඔහුගේ වාර්ථාව බැඳ වැටිණි.

 

 

පලමු ඉනිමේ ලද ලකුණු 191ක වාසියත් සමඟ ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

පලමු ඉනිමේදී මෙන්ම දෙවෙනි ඉනිමේද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක දිමුත් කරුණාරත්න දෙවෙනි ඉනිමේ ලකුණු 83ක් ලබාගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවන විට ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69ක් ලබාගෙන සිටියේය.

 

 

ප්‍රවීන් ජයවික්‍රම පලමු ඉනිමේ ලබාගත් කඩුලු 4 වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *