බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ටෙස්ට් තරඟාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙක් ඉවත් කරයි.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් ක්‍රීඩකයින් 5 දෙනෙක් ඉවත් කර තිබෙනවා.
මෙම තරඟාවලිය සඳහා තරුණ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුද ඇතුළත්ව ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර, ක්‍රීඩකයින් 5 දෙනෙක් ඉවත් කර ඇති බැවින් දෙවන ටෙස්ට් තරඟය සඳහා සංචිතයේ ඉතිරි 17 දෙනාගෙන් 11 දෙනෙකු තෝරාගෙන නොවැම්බර් 29 වන දින දෙවෙනි ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙලෙස ඉවත් කළ ක්‍රීඩකයින් 5 දෙනා ඇතුලට දුශ්මන්ත චමීර ද ඇතුළත් වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙක් විසින් පවසා ඇත්තේ ඔහුගේ ඔහුට විවේකය අවශ්‍ය වන බැවින් සංචිතයෙන් නිදහස් කර ඇති බවයි.
ඊට අමතරව දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානයක් අහිමිවී මෙම සංචිතයට ඇතුළත් වූ රොශේන් සිල්වා ද, මෙම සංචිතයෙන් ඉවත් කර ඇත.
ඒ අනුව ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කළ ක්‍රීඩකයින් 5 දෙනා වන්නේ, දුශ්මන්ත චමීර , රොශේන් සිල්වා , අසිත ප්‍රනාන්දු , කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන් වේ.
ඒ අනුව මේ වන විට ඉතිරිව ඇති ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙන්න,
1) දිමුත් කරුණාරත්න – නායක
2) ඕෂධ ප්‍රනාන්දු
3) ඇන්ජලෝ මැතිව්ස්
4) දිනේශ් චන්දිමාල්
5) දනන්ජය ද සිල්වා
6) පැතුම් නිස්සංක
7) චරිත් අසලංක
8) මිනෝද් බානුක
9) රමේශ් මෙන්ඩිස්
10) චාමික කරුණාරත්න
11) ලක්ශාන් සඳකැන්
12) ලසිත් ඇඹුල්දෙණිය
13) ප්‍රවීන් ජයවික්‍රම
14) සුරංග ලක්මාල්
15) විශ්ව ප්‍රනාන්දු
16) ලහිරු කුමාර
17) චමික ගුණසේකර