බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.

 

 

දිමුත් කරුණාරත්න ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා නවක ක්‍රීඩකයින් වන චරිත් අසලංක චාමික ගුණසේකර , සුමින්ද ලක්ෂාන් හා කමිල් මිෂාර ඇතුළත් කර තිබෙනවා.

 

පෞද්ගලික හේතූන් මත තමාව සංචිත සඳහා තේරීම් නොකරන ලෙස ක්‍රිකට් ආයතනයට දන්වා සිටි ඇන්ජලෝ මැතිව්ස් ද මෙම 22කුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර ඇති අතර පසුගිය කාලයේ සාර්ථක ආරම්භක පිතිකරු  වූ ලහිරු තිරිමාන්න පුද්ගලික හේතුවක් මත මෙම ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා නොකරන බව දැනුම් දී තිබුණා.

 

 

අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලියකට සහභාගි වුනේ බංග්ලාදේශ සමඟ වන අතර එම සංචිතයේ ද සිටි චාමික කරුණාරත්න නැවතත් කැඳවා තිබෙන අතර කොදෙව් සංචාරයේදි ආබාධයකට ලක්වු ලසිත් ඇඹුල්දෙණිය කලකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම කැදවා තිබෙනවා.

 

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 22 කින් යුත් සංචිය පහතින්.

 

1) දිමුත් කරුණාරත්න ( නායක )

 

 

2) ඇන්ජලෝ මැතිව්ස්

 

 

3) දිනේෂ් චන්දිමාල්

 

 

4) සුරංග ලක්මාල්

 

 

5) විශ්ව ප්‍රනාන්දු

 

 

6) ලහිරු කුමාර

 

 

7) අසිත ප්‍රනාන්දු

 

 

8) ප්‍රවීන් ජයවික්‍රම

 

 

9) මිනෝද් භානුක

 

 

10) පැතුම් නිශ්ශංක

 

 

11) ධනංජය ද සිල්වා

 

 

12) රොෂේන් සිල්වා

 

 

13) චාමික කරුණාරත්න

 

 

14) සුමින්ද ලක්ෂාන්

 

 

15) දුෂ්මන්ත චමීර

 

 

16) චරිත් අසලංක

 

 

17) ඕෂධ ප්‍රනාන්දු

 

 

18) ලක්ෂාන් සඳකැන්

 

 

19) චාමික ගුණසේකර

 

 

20) ලසිත් ඇඹුල්දෙණිය

 

 

21) කමිල් මිෂාර

 

 

22) රමේෂ් මෙන්ඩිස්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *