බටහිර ඉන්දීය කොදේව් නායකත්වයෙන් ඉවත් කිරීම හේතුවෙන් තමන් කම්පනයට පත්ව සිටින බව ජේසන් හෝල්ඩර් පවසයි.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ජේසන් හෝල්ඩර් ඔහුගේ නායකත්වය අහිමිවීම සම්බන්ධයෙන් කම්පනයට පත්ව සිටින බව පවසයි.

මේවන විට ලොව අංක එකේ ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩකය ලෙස ICC ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටින ජේසන් හෝල්ඩර් මේ වනවිට ටෙස්ට් තරඟ 47 ක් තුලදී ලකුණු 3372 ක් සහ කඩුලු 123 ක් බිඳහෙලීමට සමත්ව ඇත. ඔහු 2015 නායකත්වය බාරගැනීමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔහුගේ නායකත්වයෙන් ටෙස්ට් තරඟ 37ක් පවත්වා ඇති අතර එයින් තරග 11 ක් ජයග්‍රහණය කොට ඇති අතර , තරඟ 21 ක් පරාජය වී ඇත. තරඟ 5 ක් නිමාවට පත් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

ඔහු පවසන්නෙ දැන් නායකත්වය නොමැති නිසා ඔහුට ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට අවශ්‍යය බවයි. එමෙන්ම මඟපෙන්වීමක් අවශ්‍යය වන නැගී එන ක්‍රීඩකයින් සදහා මගපෙන්වීමටද ඔහු සූදානම් බව ඔහු තවදුරටත් පවසා සිටිනවා.
” ඔව් එය ඇත්තටම අසීරුයි … මං එය පිටස්තර ලෝකයට නොපෙන්වා සිටියත් එය සැබැවින්ම අසීරුයි. පසුගිය වසර පහ , හය පුරාවටම මම එක්දින සහ ටෙස්ට් නායකත්වය දැරුවා , නමුත් දැන් නායකත්වය මා සතුව නැහැ. ඇත්තටම එය මට පෞද්ගලිකව අමුතු හැඟීමක්.” සිය නායකත්වය අහිමිවීම පිලිබද ජේසන් හෝල්ඩර් පැවසුවේ මෙවන් අදහසක්.
ජේසන් හෝල්ඩර්ගෙන් හිස්වූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමිවූයේ ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රැත්වෙයිට් හටයි . බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තේරීම් කමිටු ප්‍රධානී රොජර් හාර්පර් පවසා සිටියේ ප්‍රධාන ක්‍රීඩකයින් බහුතරයක් නැති තරුණ කණ්ඩායමක් සමගින් බංග්ලාදේශයට ගොස් එහිදී බංග්ලාදේශය තරඟ 2 – 0 ක් ලෙස පරාජය කල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රේග් බ්‍රැත්වෙයිට් එහිදී සුවිශේෂි කාර්‍යභාරයක් සිදුකල නිසා ඔහුට නායකත්වය ලබාදීමට තීරණය කල බවයි.
Naveen Krishmal