බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අඩුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් යුත් කණ්ඩායමක්.
15 වන වරටත් පැවැත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මෙවර කණ්ඩායම් 10කින් යුක්තව පැවැත්වූ අතර අවසන් මහා තරඟයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගැනීමට හර්දික් පාන්ඩ්‍යාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ශූරතාවයන් 5 කට හිමිකම් කියන මුම්බායි ඉන්දියන්ස් මෙවර තරඟාවලියේ අසාර්ථකම කණ්ඩායම වෙමින් අවසානයේ සිට තරඟාවලිය අවසන් කළ අතර චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට හිමිවූයේ 9 වන ස්ථානයයි.
මේ අතර ප්‍රසිද්ධ ක්‍රිකට් වෙබ්අඩවියක් වන ක්‍රික්ට්‍රැකර් විසින්, මෙවර තරඟාවලියේ එක් එක් කණ්ඩායම් වල ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගෙන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අඩුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් කණ්ඩායමක් නම් කර තිබෙනවා.
එම කණ්ඩායම සඳහා වැඩිම සාමාජික පිරිසක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඇතුළත් කර ඇති අතර (ක්‍රීඩකයින් 3) , සන්රයිසස් හයිද්‍රාබාද්, කොල්කටා නයිට් රයිඩර්ස් , රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලින් ක්‍රීඩකයින් 2 බැඟින් හා ගුජරාට් ටයිටන්ස් , ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් වලින් එක් ක්‍රීඩකයෙකු බැඟින් ද ඇතුළත් කර තිබෙනවා.
මෙම කණ්ඩායමේ නායකත්වය රෝහිට් ශර්මා හට ද, කඩුලු රැකීමේ කාර්යය ඉශාන් ක්‍රිශාන්ට ලබා දී ඇති අතර, ඉන්දියා සුපිරි ක්‍රීඩකයෙක් වන විරාට් කෝලි හා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ද ඇතුළත් කර ඇත.
ඒ අනුව ක්‍රික්ට්‍රැකර් විසින් නම් කර ඇති කණ්ඩායම මෙන්න.
1) රෝහිට් ශර්මා – මුම්බායි ඉන්දියන්ස්
තරඟාවලියේ තරඟ 14ක් ක්‍රීඩා කරමින් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 268ක් පමණයි. ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 48 වන අතර ඉනිමක සාමාන්‍ය 19.14 කි.
2) කේන් විලියම්සන් – සන්රයිසස් හයිද්‍රාබාද්
තරඟාවලියේ තරඟ 13කදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 216ක් පමණයි. එක් අර්ධ ශතකයක් ලබාගත් කේන් විලියම්ස්ගේ මෙවර වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ – 57, ඇවරේජ් 19.64
3) වෙන්කටේශ් අයියර් – කොල්කටා නයිට් රයිඩර්ස්
වෙන්කටේශ් අයියර් හට තරඟ 12කදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 182ක් පමණයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 50ක් ලබාගත් අතර ඉනිමක සාමාන්‍ය 16.55 කි.
4) විරාට් කෝලි – රෝයල් චැලන්ජර්ස් බැංගලෝර්
තරඟාවලියේ තරඟ 16ක් ක්‍රීඩා කළ ලබාගැනීමට හැකිවූයේ ලකුණු 341ක් පමණයි. අර්ධ ශතක 2ක් ලබාගෙන ඇති විරාට් කෝලිගේ මෙවර ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 73කි. ඇවරේජ් 22.73
5) ඉශාන් ක්‍රිශාන් – මුම්බායි ඉන්දියන්ස්
තරඟ 14කදී ලකුණු 418ක් ලබාගැනීමට හැකිවූ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියායි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 81*ක් වන අතර අර්ධ ශතකය 3ක් ලබාගැනීමට සමත්වී ඇත. ඇවරේජ් 32.15
6) මැතිව් වේඩ් – ගුජරාට් ටයිටන්ස්
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් තරඟ 10කදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 157ක් පමණයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 35ක් වන අතර ඉනිමක සාමාන්‍ය 15.70කි.
7) කයිරන් පොලාර්ඩ් – මුම්බායි ඉන්දියන්ස්
මේවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරඟ 11ක් ක්‍රීඩා කර ඉනිම් 11කදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ලකුණු 144ක් පමණයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 25ක් වන අතර ඉනිමක සාමාන්‍ය වනුයේ 14.40කි.
පන්දු යැවීමේදී පන්දුවාර 14ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 125 ක් ලබාදී ලබාගෙන ඇත්තේ කඩුලු 4කි. හොඳම පන්දු යැවීම ලකුණු 8කට කඩුලු 2ක්.
8) මොහොමඩ් සිරාජ් – රෝයල් චැලන්ජර්ස් බැංගලෝර්
මොහොමඩ් සිරාජ් තරඟ 15ක් ක්‍රීඩා කරමින් පන්දුවාර 51ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 514ක් ප්‍රතිවාදීන්ට ලබාදී, ලබාගෙන ඇත්තේ කඩුලු 9ක් පමණයි. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 30කට කඩුලු 2ක් දවාගැනීමයි.

9) වරුන් චක්‍රවර්තී – කොල්කටා නයිට් රයිඩර්ස්
තරඟ 11ක් ක්‍රීඩා කරමින් පන්දුවාර 39ක් ක්‍රියාත්මක කරමින් ලබාගෙන ඇත්තේ කඩුලු 6ක් පමණයි. ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලකුණු 332ක් ලබාදී ඇත. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 22කට කඩුලු 1ක් දවාගැනීමයි.
10) වොෂිංටන් සුන්දර් – සන්රයිසස් හයිද්‍රාබාද්
තරඟ 8ක් ක්‍රීඩා කරමින් ඉනිම් 8කදී පන්දු යවා, පන්දුවාර 28ක් ක්‍රියාත්මක කරමින් ලබාගෙන ඇත්තේ කඩුලු 6ක් පමණයි. ඒ වෙනුවෙන් ප්‍රතිවාදී කණ්ඩායම් වලට ලකුණු 239ක් ලබාදී ඇත. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 21කට කඩුලු 2ක් දවාගැනීමයි.
11) දුශ්මන්ත චමීර – ලක්නව් සුපර් ජයන්ට්ස්
දුශ්මන්ත තරඟ 12ක් ක්‍රීඩා කරමින් පන්දුවාර 44ක් ක්‍රියාත්මක කරමින්, ලකුණු 384ක් ප්‍රතිවාදී කණ්ඩායම් වලට ලබාදෙමින්, ලබාගැනීමට හැකිවූයේ කඩුලු 9ක් පමණයි. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 17කට කඩුලු 2ක් දවාගැනීමයි.