බානුක රාජපක්ෂ විසින්, මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුකළ වෙනස්කම් පහදයි.

විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලියේ ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර පැවතී තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 42ක් ලබගත් බානුක රාජපක්ෂ තරඟයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවට එක් වුණා.

 

 

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පන්දු යවන්නන් හොඳින් පන්දු යැවීම සිදු කළ අතර, ලහිරු කුමාර ඉතාමත් හොඳින් පන්දු යැවීම සම්බන්ධයෙන් බානුක රාජපක්ෂගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ ඊලඟට පැවැත්වීමට නියමිත සියලුම තරඟ වලදීත් ඉතා වේගයෙන් වේගපන්දු යවන පන්දු යවන්නන් දෙදෙනෙක් සමඟින් ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

 

 

“මේ තරඟයේ විතරක් නෙමේ අනිත් තරඟ වලත් අපි ලහිරු කුමාර හා දුශ්මන්ත චමීර එක්ක සෙල්ලම් කරන්න ඉන්නේ. මොකද විකට් එක ස්ලෝව් වෙද්දි ඔවුන්ට පන්දුටව පහර දෙන්න අමාරුයි. 140km/h ට වඩා බෝලේ එන කොට පන්දුවට පහර දෙන්න අමාරුයි. ඒ නිසා මම හිතන්නේ ෆාස්ට් බෝලර්ස්ල දෙන්නෙක් එක්ක හැම තරඟයක්ම සෙල්ලම් කරන්න ඉන්නේ.”

 

 

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන විසින්, අවිශ්ක ප්‍රනාන්දු හට අංක 4 ස්ථාන ලබා දුන් බව හා අංක තුන ක්‍රීඩා කළ තමන් හට අංක 5 ස්ථානය ලබා දුන් බව බානුක රාජපක්ෂ ප්‍රකාශ කළ සිටියා.

 

 

“මහේල ජයවර්ධන අයියා අපේ ටීම් එක එක්ක එකතු වුනාට පස්සේ අපේ කණ්ඩායමේ වෙනස්කම් ටිකක් සිදු කළා. ආරම්භ පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දුව නොම්බර 4 ස්ථානයට ගෙනාවා. අංක තුන ක්‍රීඩා කළ මාව නොම්බර 5ට ගෙනාවා. ආරම්භක පිතිකරු විදියට පැතුම් නිස්සංකව නැවතත් කණ්ඩායම ඇතුළට ගෙනාවා. අපිට ඒ ස්ථාන වල මැච් 4ක් 5ක් විතර එක දිගට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණා. තරඟ එකක් දෙකක් ෆේල් වුණා කියලා කණ්ඩායමෙන් ඉවත් කළේ නැහැ. ඒ නිසා අපේ විශ්වාසයත් ගොඩනැගිලා තියනවා.”

 

 

අද තරඟයේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් දෙදෙනා වන අවිශ්ක ප්‍රනාන්දු හා බානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් දෙදෙනාටම ෆිට්නස් ප්‍රශ්නය හේතුවෙන් මීට මාස ගණනකට පෙර කණ්ඩායමෙන් ඉවත්වීමට සිදු වූ අතර, මේ වන විට ඔවුන් දෙදෙනාම තමන්ගේ ෆිට්නස් යළි හොඳින් පවත්වා ගනිමින් හොඳින් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් බානුක රාජපක්ෂ ප්‍රකාශ කලේ මෙවන් අදහසක්.

 

 

“ඇත්තටම මීට මාස ගණනකට පෙර මටයි අවිශ්කටයි ෆිට්නස් ගැන ප්‍රශ්නයක් තිබුණා. ඊට පස්සේ අපි දෙන්නම ගොඩක් මහන්සි වෙලා ඒ ප්‍රශ්නය හදාගෙන ගොඩක් බාධක මැද්දේ තමයි නැවතත් කණ්ඩායමට පැමිණියේ. ෆිට්නස් කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. අපි දෙන්නටම තේරෙනවා දැන් අපි පහසුවෙන්ම දුවලා ගහනවා, ෆීල්ඩින් කරනවා. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අපේ නැශනල් ටීම් එකේ ෆිට්නස් ට්‍රේනර් අපේ ෆිට්නස් හදන්න ගොඩක් මහන්සි වෙනවා. අපි මැච් ගැහුවත් නොගැහුවත් හැමදාම පැයක්, පැය බාගයක් විතර ජිම් එකට ගිහිල්ලා ෆිට්නස් හොඳින් තියාගන්න දේවල් කරනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *