බානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ දිනවන්නෙකු බවට පත් වෙයි – මිකී ආතර්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරඟාවලිය 2/1ක් ලෙස ඉන්දීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟාවලොයේ අවසන් එක්දින තරඟය ශ්‍රී ලංකාවට කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.
ඉන්දියාවට එරෙහිව පිට පිට එක්දින තරඟ 10ක් පරාජයට පත් වීමෙන් අනතුරුව තම මව්බිමේදි ලබාගත් මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නිමා වූ එක්දින තරඟාවලිය හා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.
එහිදි ඔහු විසින්, ආබාධයක් හේතුවෙන් තුන්වන එක්දින තරඟය ක්‍රීඩා නොකළ වනිඳු හසරංග හෙට (25) ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලියට සහභාගි වනු ඇති බවට විශ්වාස කරන බව පවසා සිටියා.
මේ අතර කණ්ඩායමෙන් ඉවතට විසිවී තිබූ භානුක රාජපක්ෂ තමාගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වලින් සමත් වී යළි කණ්ඩායම වෙත පැමිණ හොඳින් දස්කම් දැක්වූ අතර තුන්වන එක්දින තරඟයේදී ඔහු විසින් ලකුණු 65ක් ලබාගැනීමට සමත් වුණා.
භානුක රාජපක්ෂ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ දිනවන්නෙකු බවට පත් වෙනු ඇති බවයි.
ඉන්දියාව සමඟ විස්සයි විස්ස තරඟාවලිය හෙට (25) ආරම්භ වීමට නියමිත අතර තරඟ තුනම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පලමු විස්සයි විස්ස තරඟය – ජූලි 25 – රාත්‍රී 7.30 PM
දෙවන විස්සයි විස්ස තරඟය – ජූලි 27 – රාත්‍රී 7.30 PM
තුන්වන විස්සයි විස්ස තරඟය – ජූලි 29 – රාත්‍රී 7.30 PM
ඔබට තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාරය දැනගන්න ක්ලික් කරන්න – (Click)