බාබර් අසාම්ගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් වාර්ථාවන් රැසක් අලුත්වෙයි..
පකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ලෙස මාර්තු 12 සිට 16 දක්වා පැවතී තරඟය ජය – පරාජයෙන් තොරව නිමා කිරීමට පකිස්තාන කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් පලමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 556ක් ලබාගැනීමට සමත්විය.
පකිස්තාන පලමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Usman Khwaja පන්දු 369කදී හතරේ පහර 15 ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 160ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Alex Carey පන්දු 159කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 93ක් හා Steven Smith පන්දු 214කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 72ක් ද ලබාගැනීමට සමත්විය. [ Mathan Lyon – 38, Pat Cummins – 34* ]
පන්දු යැවීමේදී Sajid Khan හා Faheem Ashram කඩුලු 2 බැඟින් දවාගත් අතර, Shaheen Afridi , Hasan Ali, Nauman Ali හා Babar Azam අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
අනතුරුව පකිස්තාන කණ්ඩායමට පලමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 148ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Babar Azam පන්දු 79කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Imam-ul-haq පන්දු 64කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් හා Nauman Ali පන්දු 35කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ Mitchell Starc සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 29කදී කඩුලු 3ක් ලබාගැනීමට සමත්වූ අතර, Mitchell Swepson කඩුලු දෙකක් හා Pat Cummins , Nathan Lyon , Cameron Green එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
පලමු ඉනිමේ ලද ලකුණු 408ක වාසියක් සමඟින් ඕස්ට්‍රේලියාව දෙවන ඉනිම ආරම්භක කළ අතර ඔවුන් කඩුලු 2කදී ලකුණු 97ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවනු ලැබූවා.
සිය දෙවන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු Usman Khwaja පන්දු 70කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් හා Marnus Labuschagne පන්දු 49කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.
ඕස්ට්‍රේලියා ඉනිමේ බිඳ වැටුනු කඩුලු Shaheen Afridi හා Hasan Ali අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
ඉන් අනතුරුව ලකුණු 506ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී පකිස්තාන කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 443ක් පමණි.
පකිස්තාන දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක Babar Azam පන්දු 425කදී හතරේ පහර 21ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 196ක් ලබාගැනීමට සමත්විය.
බාබර් අසාම්ගේ මෙම ඉනිම හේතුවෙන් වාර්තා රැසක් අලුත් වූ අතර එම වාර්ථාවන් පහළින් සඳහන් කර ඇත.
පකිස්තාන ක්‍රීඩකයෙකු ටෙස්ට් තරඟයකදී සිව්වන ඉනිමේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි. (196)
මීට පෙර 2015 වර්ෂයේදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පකිස්තාන ක්‍රීඩක යුනිස් කාන් විසින් ලකුණු 171ක් ලබාගෙන සිව්වන ඉනිමේ පකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස සිටියේය.
මීට අමතරව ටෙස්ට් තරඟයක පකිස්තාන ක්‍රීඩකයෙකු විසින් සිව්වන ඉනිමේදී මුහුණදුන් වැඩිම පන්දු සංඛ්‍යාවේ වාර්ථාවද, (පන්දු 425), සිව්වන ඉනිමේදී පකිස්තානය වෙනුවෙන් ක්‍රීඩකයෙක් කඩුල්ලේ රැඳී සිටි වැඩිම කාල සීමාවද තමන් සතු කරගැනීමට බාබර් අසාම් සමත්විය. (සිව්වන ඉනිමේදී පකිස්තානය වෙනුවෙන් මිනිත්තු 500කට වඩා වැඩි කාලයක් කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූ පලමු ක්‍රීඩකයා බාබර් අසාම් වේ.)
මේ අතර, එංගලන්ත හිටපු ටෙස්ට් නායක Michael Atherton ටෙස්ට් තරඟයකදී සිව්වන ඉනිමේදී ලකුණු 184ක් ලබාගනිමින් පිහිටුවා තිබූ, ටෙස්ට් තරඟයක සිව්වන ඉනිමේදී නායකයෙකු විසින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්ථාවද තමන් සතු කරගැනීමට බාබර් අසාම් සමත්විය.
තවද, බාබර් අසාම් වාර්තා කළ මෙම ශතකය ටෙස්ට් නායකයෙකු ලෙස ලබාගත් පලමු ශතකය වන අතර, ඒ අනුව තරඟ රටා තුනේදීම (TEST, ODI, T20I) නායකයෙකු වශයෙන් ශතක රැස්කරගත් ලැයිස්තුවටද එක්වීමට බාබර් අසාම් සමත්විය.
එම වාර්ථාව ප්‍රථම වශයෙන් ශ්‍රී ලංකා හිටපු නායකයෙක් වන T.M ඩිල්ශාන් පිහිටවූ අතර ඉන් පසුව Faf du plessis, Heather Kinght ද එලෙසින් නායකයෙකු වශයෙන් තරඟ රටා තුනේදීම ශතක ලබාගැනීමට හැකිවූ ක්‍රීඩකයින් වේ.
මෙම තරඟයේදී බාබර් අසාම්ට අමතරව , Mohammed Rizwan ද ශතකයක් රැස්කර ගැනීමට සමත්වූ අතර පන්දු 177කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 104ක් හා Abdullah Shafique පන්දු 305කට මුහුණදෙමින් හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 96ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Nathan Lyon ලකුණු 112කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, Pat cummins කඩුලු දෙකක් හා Cameron Green ද එක් කඩුල්ල බිඳ දැමීය.
තරඟය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් ඕස්ට්‍රේලියා කණ්ඩායමට තිබූ නමුත් බාබර් අසාම් ප්‍රමුඛ පකිස්තාන පිතිකරුවන් තම කණ්ඩායම පරාජයෙන් වළක්වාගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට බාබර් අසාම් සමත්විය.