බැංගලෝර් කණ්ඩායම පරාජයට පත්කරමින් රාජස්ථාන් කණ්ඩායම නැවතත් පෙරමුණට පැමිණෙයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 39 වන තරඟය ලෙස පැවතී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 29 ක් ජයක් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් බැංගලෝර් නායක ඩු ප්ලෙසිස් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබාගැනීමට සමත්වුණා.
රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Riyan Parag පන්දු අර්ධ ශතකයක් ලබාගත් අතර, ඉනිම අවසානය තෙක් කඩුල්ලේ රැඳී සිටි ඔහු පන්දු 31කට මුහුණදෙමින් දෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක සන්ජු සැම්සන් පන්දු 27කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබාගත් අතර අන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟාවීමට නොහැකි විය. රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 17ක් ලබාගත් අතර Daryl Mitchell ලකුණු 16ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Josh Hazlewood පන්දුවාර 4 අවසානයේදී එක් නිළකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 19ට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව වනිඳු හසරංග ලකුණු 23කට කඩුලු 2ක් ද, මොහොමඩ් සිරාජ් ලකුණු 30කට කඩුලු 2ක් හා හර්ශාල් පටෙල් ද එක් කඩුල්ලක් බිඳ දැමීය.
ඉන් අනතුරුව ලකුණු 145ක පහසු ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 115ක් පමණයි.
අසාර්ථක බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 21කට මුහුණදෙමින් හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පන්දු 13කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් හා Shahbaz Ahmed පන්දු 27කදී ලකුණු 17ක් ලබාගැනීමට සමත්විය. මෙවරද අසාර්ථක වූ විරාට් කෝලි ලකුණු 9කටත්, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු නොලබාත්, දිනේශ් කාර්තික් ලකුණු 6කටත් දැවීයාමට ලක්විය.
බැංගලෝර් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කුල්දීප් සෙන් පන්දුවාර 3.3ක් අවසානයේදී ලකුණු 20කට කඩුලු 4ක් ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 17කට කඩුලු 3ක් දවාගත් අතර, Prasidh Krishna ද ලකුණු 23කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වුණා.
ඒ අනුව රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තවත් පරාජයක් උරුම කරදෙමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරඟය ලකුණු 29කින් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අර්ධ ශතකයක් හා උඩපන්දුව 4ක් රැකගත් Riyan Parag වේ.
වනිඳු හසරංග ලබාගත් කඩුලු 2 , (වීඩියෝව)