බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 04 වන ස්ථානයට පැමිණෙයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 49 වන තරඟය ලෙස පැවතී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම හා රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 13ක ජයක් ලබාගැනීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කින්ග්ස් නායක Ms දෝණි පලමුව පන්දුවට පහරදීමට බැංගලෝර් කණ්ඩායම ආරාධනා කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබාගැනීමට සමත්විය.
රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mahipal Lomror පන්දු 27කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 42ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 22කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 38 ලබාගත් අතර විරාට් කෝලි පන්දු 33කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 30 ක් හා දිනේශ් කාර්තික් පන්දු 17කදී නොදැවී ලකුණු 26ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් මහීශ් තීක්ශණ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 27 කඩුලු 3ක් බිඳ දැමීම සමත්වුණා. (19th Over – W, W, 1, 0, 1, W). ඊට අමතරව මොයින් අලී ලකුණු 28කට කඩුලු 2ක් හා Dwaine Pretorius ලකුණු 42කට එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්විය.
ඉන්අනතුරුව ලකුණු 174ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 160ක් පමණයි.
චෙන්නායි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Devon Conway අර්ධ ශතකයක් රැස්කළ අතර ඔහු පන්දු 37කට මුහුණදෙමින් හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 56 ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව මොයින් අලී පන්දු 27කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් පන්දු 23කදී ලකුණු 28ක් ද ලබාගැනීමට සමත්විය. නායක මහේන්ද්‍ර සිං දෝණි හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 2ක් පමණයි.
පන්දු යැවීමේදී හර්ශාල් පටෙල් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 35කට කඩුලු 3ක් දවාගත් අතර, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 22කට කඩුලු 2ක් හා Shahbaz Ahmed , Josh Hazlewood , Wanindu Hasaranga අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
ඒ අනුව චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ලකුණු 13කින් පරාජයට පත්කරමින් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 4 ස්ථානයට පැමිණීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ කඩුලු 3ක් දවගත් හර්ශාල් පටෙල් වේ.
මහීශ් තීක්ශණගේ විශිෂ්ට පන්දු යැවීම (වීඩියෝව)