බිග් බෑශ් ලීගයේ ශ්‍රී ලංකා එකම නියෝජනය චමරි අතපත්තුගෙන් වේගවත් දැවැන්ත ඉනිමක්.
2021 Women’s Big Bash league තරඟාවලියේ 41 වන තරඟය ලෙස පැවතී ශ්‍රී ලංකා එකම නියෝජනය චමරි අතපත්තු ක්‍රීඩා කරන Perth Scorchers කණ්ඩායම හා Sydney Thunder කණ්ඩායම අතර තරඟයේ දී චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Perth Scorchers කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 184ක් ලබාගැනීමට සමත් විය. Perth Scorchers ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Beth Mooney පන්දු 53කදී නොදැවී ලකුණු 83ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත් විය.
ඊට අමතරව, women’s බිග් බෑශ් ලීගයේ ශ්‍රී ලංකා එකම නියෝජනය වන චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 42කදී හතරේ පහර 8ක් හා හයේ පහරවල් 2ක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබාගැනීමට සමත් විය.
Perth Scorchers කණ්ඩායමේ දැවී ගිය කඩුලු දෙක ලබාගැනීමට සමත් වූයේ Samantha Bates හා Hannah Darlington වේ.
ඉන්පසුව ලකුණු 185ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී Sydney Thunder කණ්ඩායම පන්දුවාර 2.3 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබාගෙන තිබූ මොහොතේ වර්ෂාව හේතුවෙන් තරඟය නවතා දැමීමට සිදුවිය. ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි Smrithi Mandhana ලකුණු 12ක් ලබාගෙන තිබුණි.
චමරි අතපත්තුගේ වේගවත් ඉනිමේ වීඩියෝව
Chamari Athapaththu turned it on for her final match for the @ScorchersBBL with a rapid 70 off 42!
Good luck in the World Cup qualifiers for Sri Lanka, @58Chamari ? #WBBL07 pic.twitter.com/XtHj6DA26a
— Weber Women's Big Bash League (@WBBL) November 11, 2021