බුම්රාගේ විශිෂ්ට පන්දු යැවීම අපතේ යයි. මුම්බායි කණ්ඩායම ලකුණු 52කින් පරාජයට පත්වෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 56 වන තරඟය ලෙස පැවතී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම  හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 52ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි නායක රෝහිට් ශර්මා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන්  කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබාගැනීමට සමත්විය.

කොල්කටා ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු වෙන්කටේශ් අයියර් පන්දු 24කදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව නිටිශ් රානා පන්දු 26කදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 43ක් ලබාගත් අතර, Ajinkya Rahane පන්දු 24කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් හා Rinku Singh පන්දු 19කදී හතරේ පහර 2ක් හා හයේ පහරක්  සමඟින් ලකුණු 23ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිත් බුම්රා පන්දුවාර 4 අවසානයේදී ලකුණු 10කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්විය. මෙය මෙවර තරඟාවලියේ වාර්තා වූ හොඳම පන්දු යැවීමයි. මීට පෙර මෙවර තරඟාවලියේ වාර්තා වූ හොඳම පන්දු යැවීම වූයේ වනිඳු හසරංග විසින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 18ට ලබාගත් කඩුලු 5 වේ. ඊට අමතරව kumar Kartikeya ලකුණු 32කට කඩුලු 2ක් හා ඩැනියල් සෑම්ස් හා මුරුගන් අශ්වින් එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත්විය.

 

 

අනතුරුව ලකුණු 166ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායට පන්දුවාර 17.3ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණයි.

මුම්බායි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඉශාන් ක්‍රිශාන් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර  ඔහු පන්දු 43කට මුහුණදෙමින් හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව කිරන් පොලාඩ් මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 16කදී එක් හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබාගැනීමට සමත්වූ අතර, Tim David පන්දු 9කදී ලකුණු 13ක් හා Ramandeep Singh පන්දු 16කදී ලකුණු 12ක් ලබාගැනීමට සමත්වුණා. මුම්බායි නායක රෝහිට් ශර්මාට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 2ක් පමණයි.

 

 

මුම්බායි ඉනිමේ කඩුලු 3ක් දුවද්දී දැවී යාමෙන් බිඳ වැටුනු අතර, අනෙක් කඩුලු 7න් 3ක් දවාගැනීමට පැට් කමින්ස් සමත්වුණා. (4-0-22-3) ඊට අමතරව Andre Russell ලකුණු 22කට කඩුලු 2ක් හා Tim Southee , Varun Chakravarthy ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තරඟාවලියේ 9 වන පරාජයත් උරුම කර දෙමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරඟය ලකුණු ලාභියා 52කින් ජයගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පරාජය වූ කණ්ඩායමේ ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා වේ.

ජස්ප්‍රිත් බුම්රාගේ විශිෂ්ට පන්දු යැවීම. (Video)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *