අවසන් පන්දු 2කට හයේ පහර 2ක් එල්ල කරමින් රාහුල් තේවටියා ගුජරාටයට ජය ගෙනදෙයි.

(වීඩියෝ පහළින්ම නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 16 වන තරඟය ලෙස අද (8) පැවතී ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම හා පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම අතර තරඟය තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 6කින් ජයගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාටි ටයිටන්ස් නායක හර්දික් පාන්ඩ්‍යා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 189ක් ලබාගැනීමට සමත්වුණා.

පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලියම් ලිවින්ස්ටන් පන්දු 27කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 7ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 64ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු ශිකර් දවාන් පන්දු 30කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් හා Jitesh Sharma පන්දු 11කදී ලකුණු 23ක් ලබාගත් අතර, ඉනිම අවසානයේදී රාහුල් චහාර් පන්දු 14කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලාබාගැනීමට සමත්වුණා. භානුක රාජපක්ෂ වෙනුවට කණ්ඩායමට පැමිණී ජොනී බෙයාස්ටෝ හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 8ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී ටයිටන්ස් කණ්ඩායමේ ක්‍රීඩක රශීඩ් කාන් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 2කට කඩුලු 3ක් දවාගත් අතර, Darshan Nalkande ලකුණු 24කට කඩුලු 2ක් හා Lockie Ferguson , Hardik Pandya හා Mohammed Shami අතරේද එක් කඩුල්ල බැඟින් බෙදිගියා..

 

 

අනතුරුව ලකුණු 190 ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමොත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 190ක් ලබාගනිමින් තරඟයෙන් තියුණු ජයක් වාරතා කිරීමට සමත්වුණා.

එහිදී ගුජරාට් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ශුබ්මන් ගිල් පන්දු 59කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 96ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Sai Sudharsan පන්දු 30කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 35ක් හා නායක හර්දික් පාන්ඩ්‍යා පන්දු 18කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් රැස්කරගැනීමට සමත්විය. අවසන් මොහොතේ ජයග්‍රහණය සඳහා ගුජරාට් කණ්ඩායමට අවසන් පන්දු දෙක සඳහා ලකුණු 12ක් අවශ්‍ය වූ අතර, එහිදී රාහුල් තේවටියා හයේ පහර 2ක් එල්ල කරමින් තරඟය ජයග්‍රහණය කරවීමට සමත්විය. [ රාහුල් තේවටියා 13* (3) ]

 

 

පන්දු යැවීමේදී Kagiso Rabada ලකුණු 35කට කඩුලු 2ක් හා Rahul Chahar එක් කඩුල්ලක් බිඳ දැමීය.

ඒ අනුව පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරඟාවලියේ තමන් ක්‍රීඩා කළ තුන්වන තරඟයත් ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 59කදී ලකුණු 96ක් රැස්කර ගත් ශුබ්මන් ගිල් වේ.

අවසන් පන්දු 2කට ලකුණු 12ක් අවශ්‍යව තිබියදී, රාහුල් තේවටියා එල්ල කළ හයේ පහර 2ක මෙන්න. (Video) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *