බොහෝ දුරට මහීශ් තීක්ශණ, බංගලාදේශයට එරෙහි තරඟය ක්‍රීඩා නොකරාවි – බානුක රාජපක්ෂ

2021 විසායි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පැවතී තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

 

තරඟයෙන් අනතුරුව බානුක රාජපක්ෂ  මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලබාගත් ජයග්‍රහණය, ඊට අමතරව මහීශ් තීක්ශණගේ ආබාධ මෙන්ම, මහේල ජයවර්ධනගේ කාර්යය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.

 

 

කණ්ඩායමක 140km/h ට වඩා වේගයෙන් පන්දු යවන පන්දු යවන්නන් දෙන්නෙක් කණ්ඩායමේ ඉන්නවා කියන්නේ විස්සයි විස්ස තරඟ වලට ලොකු වාසියක් වෙනවා. ඔහුන්ට ලකුණු ලබාගැනීමට නොහැකි වන විට ස්පිනර්ස්ලට ගහන්න හදන නිසා තමයි ස්පිනර්ස්ලට විකට් යන්නේ. ඉතින් මම හිතනේ ඒ නිසා තමයි අපිට මේ තරඟ 3ම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට හැකි වුණේ.

 

 

මහීශ් තීක්ශනගේ අබාධය නිසා බොහෝදුරට ලබන 24 වෙනිදා බංගලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟයේදී ඔහු ක්‍රීඩා නොකරාවි. මොකද, තව තරඟ තියන නිසා එක තරඟයක් විවේක ගන්වලා ඉතුරු තරඟ වලදී ඔහුව ක්‍රීඩා කරවන්න තමයි තීරණය කරලා තියෙන්නේ.

 

 

මේ අතර මූලික වටයේ තරඟ වලදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කළ මහේල ජයවර්ධන නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වන අතර, මහේල ජයවර්ධන සම්බන්ධයෙන් බානුක රාජපක්ෂ මාධ්‍යයට ප්‍රකාශ කලේ මෙවැන්නක්.

 

මහේල ජයවර්ධන අඳින් පසුව අපගේ කණ්ඩායමෙන් සමුගන්නවා. අපි ඔහු ඉන්න තත්වය තේරුම් ගන්න ඕනේ. නමුත් අපි ඔහු සමඟින් දිඟටම සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. ඊයෙත් ඔහු අපේ ඇනලයිසර් එක්ක පැය 14-15ක් පමණ වැඩ කරලා ප්ලෑන් එකක් හදලා තියෙන්නේ. ඔහු අපි වෙනුවෙන් දැක්වූ දායකත්වයට ගොඩාක් ස්තූයිවන්ත වෙනවා.

 

 

නෙදර්ලන්තයට එරෙහිව පැවතී තරඟයේදී කඩුලු 3ක් දවාගෙන තරඟයේ වීරයා සම්මානය ලබාගත් ලහිරු කුමාර තරඟයෙන් අනතුරුව පැවසූවේ තමාගේ සාර්ථකත්වයට හේතුව වාස් සර් යනුවෙනි.

 

 

“මේ තරඟ තුනේදී අපේ කණ්ඩායම සෙල්ලම් කරපු විදිහ ගැන ගොඩාක් සතුටු වෙනවා. අපේ කණ්ඩායමේ ලොකු දියුණුවක් තියනවා. අපි දිගටම ඒ විදියට සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා. මම වාස් සර් එක්ක ගොඩාක් මහන්සි වෙලා වැඩ කරා. එහෙම වැඩ කරපු නිසා හොඳ ප්‍රතිඵල තියනවා. මම ඇතුළු සියලුම වේගපන්දු යවන්නන් දැන් හොඳින්ම පන්දු යවනවා. ඇත්‍තටම ඒ විදිහට වේගපන්දු යවන්නන්ගේ සාර්ථකත්වයට වාස් සර්ට ක්‍රෙඩිට් එක දෙන්නම ඕනේ. – ලහිරු කුමාර 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *