භානුක රාජපක්ෂට වසරක සියලු තරග තහනමක් පනවා එය වසර 2 කට අත්හිටුවීමට තීරණය කරයි.
ශ්‍රි ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ මාධ්‍යවේදී දනුශ්ක අරවින්ද සමඟ යූටියුබ් නාළිකාවකට සහභාගී වී තමාට සිදුවී ඇති අසාදාරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් හට ද චෝදනා කළේය.
භානුක රාජපක්ශගේ ශරීර යෝග්‍යතාව පිළිඹඳව ගැටලු ඇති බැවින් ඔහුව ශ්‍රී ලංකා සංචිතයට එක් කර ගැනීමට නොහැකි බව තේරීම් කමිටුව මඟින් දැනුම් දුන් අතර, පසුව ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජික කලුවිතාරණ විසින් භානුක රාජපක්ෂ හට තමාගේ ශරීර යෝග්‍යතාව සමත් වීම සඳහා යම් කාළයක් ලබා දී තිබුණා.
මේ වන විට භානුක රාජපක්ෂ විසින් ශරීර යෝග්‍යතා පරීක්ශ සියල්ල සමත් ඇති අතර හෙට දිනයේ ඉදිරි සංචාර සදහා පුහුණුවීම සදහා කොළඹ bio bubble එකට ඇතුළත් කෙරේ.
සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය වලට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් වසරක සියලු තරග තහනමක් පනවා එය වසර 2 කට අත්හිටුවීමට තීරණය වී තිබෙනවා. මීට අමතරව ඩොලර් 5,000ක දඩයක් නියම කර තිබෙනවා.
එනම් ඉදිරි වසර දෙකක කාලය තුල ඔහු යම් වරදක් කලහොත් වසරක තහනම බලාත්මක වෙයි. සමාජ ජාල සහ මාධ්‍ය සාකච්ඡා හමුවේ ශාරිරික යෝග්‍යතා ක්‍රියාවලිය විවේචනය කිරීමෙන් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝනය කිරීම මෙයට හේතුවයි.