භානුක රාජපක්ෂ ඇතුළු ක්‍රීඩකයින්ට සිදු වී ඇති අසාධාරණ සම්බන්ධයෙන් ඩිල්ශාන් අදහස් දක්වයි.
ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්, රසල් ආනෝර්ඩ් හා සනත් ජයසුරිය එක්ව පැවතී සුහද සාකච්ඡාවකදී, බානුක රාජපක්ශ හට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.
ගෙවී ගිය සතියේ බානුක රාජපක්ෂ තමන්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ඔහු විසින් කණ්ඩායමේ හොඳින් ක්‍රීඩා කරමින් සිටියත් කණ්ඩායමේ අවස්ථාවක් ලබා නොදී නව වාර්ෂික කොන්ත්‍රාත්තුවෙනුත් තමාගේ නම ඇතුළත් නොවී ඇති බවයි.
ඒ පිළිබඳව තිලකරත්න ඩිල්ශාන් විසින් ප්‍රකාශ කර සිටියේ මෙලෙස ක්‍රීඩකයින්ට වන අසාදාරණයය හේතුවෙන් අපේ රටේ සිටින දක්ශ ක්‍රීඩකයින් රට අතහැර වෙනත් රටවල ක්‍රිකට් ගැසීමට සූදානම් වන බවයි.
“මේ කාලේ විතරක් නෙමේ අපේ කාලෙත් කොන්ත්‍රාත්තුවල ප්‍රශ්න තිබුණා. භානුක රාජපක්ෂ විතරක් නෙමේ මම දැක්කා රොශේන් සිල්වත් මාධ්‍යට කතා කරලා තියනවා. මේ ගැටලුව නිසා ශ්‍රී ලංකාවේ ගොඩක් ක්‍රීඩකයින් ලංකාව හැර දාලා ඕස්ට්‍රේලියාවේ හරි එංගලන්තයේ හරි ගිහින් සෙල්ලම් කරන්න සූදානම් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ලංකාවේ අය හිතන් ඉන්නව අපේ ඉන්න ක්‍රීඩකයෝ සමු අරගෙන ගියාට අපේ තව ඕනතරම් ක්‍රීඩා කරන්න ක්‍රීඩකයින් ඉන්නවා කියලා. ඒක ගොඩක් වැරදි දෙයක්. අපි ගහන කොටත් අපිට වයසයි කියලා ක්‍රීඩාවෙන් සමු ගන්න ඕනේ කියලා කියලා කිව්වේ අපි ගියාට පස්සේ ඉන්න කට්ටිය හොඳට වැඩේ කරගෙන යයි කියලා. නමුත් අපේ රටේ ක්‍රිකට් වලට දැන් මොකක්ද වෙලා තියෙන්නේ.” T.M Dilshan
“ඒ කාලේ අපිට වුන දේවල් එක්ක බලද්දී බානුකලට වුන දේවල් හොඳයි. අපිව ලකුණු ගගහා ඉන්න කොටත් කණ්ඩායමෙන් ඉවත් කරලා තියනවා. නම්බර් 6,7 ගහන කොට ගහන්න වෙන්නේ ලකුණු 20,30 යි. ඒත් අපි හැමදාම ඒ ලකුණු 20,30 ගහලා දීලා තරඟ දිනවලා දුන්නත් කණ්ඩායමෙන් ඉවත් කරලා තියනවා. ඊට පස්සේ මම ක්ලබ් ක්‍රිකට් ගහලා ඊලඟ සීසන් එකේ ලකුණු 1000ක් ගහලා දෙනවා. එතකොට මාව ආයේ ජාතික කණ්ඩායමට ගේන්න වෙනවා. ඊට පස්සේ 2008 දී මමම හිතලා තමයි ඕපන් ගහන්න තීරණය කළේ. ඒ නිසා තමයි මට රට වෙනුවෙන් ලොකු දෙයක් කරන්න හැකියාව ලැබුණේ. තමාට විශ්වාසයක් නැත්නම් හැමෝටම ඒක කරන්න බෑ.”
බානුක රාජපක්ෂ පකිස්ථානයේ හොඳින් ක්‍රීඩා කරත් ඊලඟ සීරිස් එකේ ෆේල් වුණා කියලා කණ්ඩායමෙන් ඉවත් කරලා තියෙනේ. නමුත් අපේ කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් ඉන්නවා සීරිස් එකක් නෙමේ තුන හතරක් ෆේල් වුණත් හැමදාම කණ්ඩායමේ ඉන්නවා. මම කියන්නේ ඒ විදියට එක එක ක්‍රීඩකයින්ට වෙනස්කම් නොකර හැමෝටම එකම විදිහක් වෙන්න ඕනේ කියලා. T.M Dilshan

බානුක රාජපක්ශ මෙලෙස මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශයන් පිළිඹඳව සනත් ජයසූරිය විසින් කියා සිටියේ එසේ සිදුකිරීම සුදුසු නොවන බවත් ගැටලු තිබේනම් එය කණ්ඩායමේ පුහුණුකරු හෝ තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කර තීරණයක් ලබාගත යුතු බවයි.
“මේ දේවල් එළියේ කොහොවත් කෑ ගහලා විසදන්න ඕන ප්‍රශ්න නෙමේ. එහෙම ප්‍රශ්නයක් තියනවනම් තේරීම් කමිටුව එක්ව හෝ පුහුණුකරු සමඟ හෝ කතා කරන්න ඕනේ.” – සනත් ජයසූරිය
