භානුක රාජපක්ෂ, විස්සයි විස්ස පිටියේ පලමු ශතකය රැස්කර ගැනීමට සමත්වෙයි..

2022 Major Club T20 තරඟාවලියේ GROUP B තරඟයක් ලෙස අද (23) පැවතී Burgher Recreation Club කණ්ඩායම හා Panadura Sports Club කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 41ක විශිෂ්ට ජයක් ලබාගැනීමට Burgher Recreation Club කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය Panadura Sports Club කණ්ඩායමේ නායක Sanjaya Chathuranga පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර , ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Burgher Recreation Club කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 175ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් ලබගත් භානුක රාජපක්ෂ පන්දු 56කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා හයේ පහර 9 ක් සමඟින් ලකුණු 100ක් ලබාගැනීමට සමත්විය. මෙම ශතකය ඔහුගේ T20 පිටියේ ලබාගත් පළමු ශතකයයි.

 

 

ඊට අමතරව දුශාන් හේමන්ත වේගවත් ඉනිමක් ක්‍රීඩාක පන්දු 19 කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු Dilan Jayalath පන්දු 33කදී හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද ලබාගැනීමට සමත්වුණා..

පන්දු යැවීමේදී Akila Shenesh පන්දුවාර 4 අවසානයේදී ලකුණු 34කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, දනුශ්ක රනසිංහ, කොශාන් ඩනුශ්ක, තරිඳු කව්ශාල් අතරේ එක් කඩුල්ල බැඟින්ද බෙදීගියා.

අනතුරුව ලකුණු 176ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී Panadura Sports Club කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 134ක් පමණයි.

පානදුර ස්පෝර්ට් ක්ලබ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Koshan Danuska පන්දු 25කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව නායක Sanjaya Chathuranga පන්දු 29කදී හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු S Maleesha පන්දු 22කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් හා ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ Lakshan Rodrigo පන්දු 23කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක්ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී දුශාන් හේමන්ත පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 26කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, භානුක රාජපක්ෂ පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 18කට එක් කඩුල්ලක් හා දුවිඳු තිලකරත්න , Umeshka Morais එක් කඩුල්ල බැඟින් ද දවාගනු ලැබුවා.

ඒ අනුව මේජර් ක්ලබ් T20 තරඟාවලියේ පානදුර ස්පෝර්ට් ක්ලබ් කණ්ඩායම පරදවා Burgher Recreation Club කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට සමත්වුණා. භානුක රාජපක්ෂ අද දින පිත්තෙන් ලකුණු 100ක් හා පන්දුවෙන් එක් කඩුල්ලක් දවාගනු ලැනූවේ අයි.පී.එල් තරඟාවලිය ක්‍රීඩා කර නැවත ලංකාව පැමිණ ක්‍රීඩා කළ පළමු තරඟයේදී වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *