භානුක රාජපක්ෂ වෙනුවට, ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්බර 03 ක්‍රීඩා කිරීමට හැකි ක්‍රීඩකයින් මෙන්න.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ තරඟය දෙකක් නිමාවට පත්වන විට දෙපිළම එක් තරඟය බැඟින් ජයග්‍රහණය කර ඇති අතර, තුන්වන හා අවසන් එක්දින තරඟය දෙපිළටම වැදගත් තරඟයක් වනු ඇත.
මේ අතර නිමාවූ තරඟ දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්බර 03 ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී යාමට ලක් වූ අතර, නොම්බර 03 කණ්ඩායමක ඉතා වටිනා ස්ථානයක් බැවින්, මේ වන විට භානුක රාජපක්ෂ එම ස්ථානයේ දිගටම ක්‍රීඩා කරනවාද යන්න ප්‍රශ්නයක් මතු වී ඇත.
මේ වන විට භානුක රාජපක්ෂ ජාත්‍යන්තර එක්දින තරඟ 5ක් ක්‍රීඩා කර ඇති අතර, එම ඉනිම් 5ම ක්‍රීඩා කර ඇත්තේ නොම්බර 03 ස්ථානයේ වේ. ඔහු ඉනිම් 5 තුළදී තෙවතාවක් (අවස්ථා 3ක්) ලකුණු නොලබා දැවී යාමට ලක් වී ඇති අතර, එක් අර්ධ ශතකයක් සමඟින් මේ වන විට ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 89කි.
මේ හේතුවෙන් මීලඟ තරඟයේදී, සංචිතයේ සිටින ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් නොම්බර 03 ස්ථානයේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ඇති අතර, ඔහු නොම්බර 3 ස්ථානයේ ක්‍රීඩා කර ඉනිම් 18කදීම ලකුණු 0වට දැවී ගොස් ඇත්තේ අවස්ථා 2කදී පමණයි.
එසේත් නැතිනම් මෙතෙක් අංක 5 ස්ථානයේ ක්‍රීඩා කළ චරිත් අසලංක නොම්බර 03 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ භානුක රාජපක්ෂ පිතිකරණ ස්ථානයේ පහළට යෑමටද අවස්ථාවක් පවතී.
ඊට අමතරව, වර්ථමානයේ ක්‍රිකට් ක්‍රීඩා කරන, ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින තරඟ වල අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින්, වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයින් පස් දෙනා වනුයේ කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, කුසල් පෙරේරා, දිනේශ් චන්දිමාල් , අවිශ්ක ප්‍රනාන්දු වේ.
ඔවුන් පස්දෙනා නොම්බර 3 ක්‍රීඩාකරමින් එක්දින පිටියේ ලබා ගත් ලකුණු පහළින් සඳහන් කර ඇත.
1) කුසල් මෙන්ඩිස්
තරඟ 41කදි , ලකුණු 1145ක් ලබාගෙන ඇති අතර, ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 102 කි. ඉනිමක සාමාන්‍ය ලකුණු 28.35ක් වන අතර, ප්‍රහාරාත්මක වේගය 84.19කි. නොම්බර 3 ස්ථානයේ එක් ශතකයක් වාර්ථා කර ඇති අතර අර්ධ ශතක 5කට හිමිකම් කියයි. ලකුණු නොලබා 5 වතාවක් දැවී ගොස් ඇත.
2) ළහිරු තිරිමාන්න
තරඟ 26කදි , ලකුණු 834ක් ලබාගෙන ඇති අතර, ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ නොදැවී ලබාගත් ලකුණු 102 වේ.. ඉනිමක සාමාන්‍ය ලකුණු 39.71ක් වන අතර, ප්‍රහාරාත්මක වේගය 73.09 කි. නොම්බර 3 ස්ථානයේ එක් ශතකයක් වාර්ථා කර ඇති අතර අර්ධ ශතක 6කට හිමිකම් කියයි. ලකුණු නොලබා එකවතාවක් දැවී ගොස් ඇත.
3) කුසල් පෙරේරා
තරඟ 16කදි , ලකුණු 534ක් ලබාගෙන ඇති අතර, ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 111 කි. ඉනිමක සාමාන්‍ය ලකුණු 35.60 ක් වන අතර, ප්‍රහාරාත්මක වේගය 92.22 කි. නොම්බර 3 ස්ථානයේ ශතක 2ක් වාර්ථා කර ඇති අතර අර්ධ ශතක ලබාගැනීමට සමත් වී නැත. ලකුණු නොලබා එකවතාවක් දැවී ගොස් ඇත.
4) දිනේශ් චන්දිමාල්
තරඟ 18කදි , ලකුණු 438ක් ලබාගෙන ඇති අතර, ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 111 කි. ඉනිමක සාමාන්‍ය ලකුණු 32.28 ක් වන අතර, ප්‍රහාරාත්මක වේගය 74.23 කි. නොම්බර 3 ස්ථානයේ ශතක 2ක් වාර්ථා කර ඇති අතර අර්ධ ශතක එකකට හිමිකම් කියයි. ලකුණු නොලබා අවස්ථා 2කකදී දැවී ගොස් ඇත.
5) අවිශ්ක ප්‍රනාන්දු
තරඟ 06කදි , ලකුණු 205ක් ලබාගෙන ඇති අතර, ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 104 කි. ඉනිමක සාමාන්‍ය ලකුණු 34.16 ක් වන අතර, ප්‍රහාරාත්මක වේගය 101.99 කි. නොම්බර 3 ස්ථානයේ එක් ශතකයක් වාර්ථා කර ඇති අතර අර්ධ ශතක ලබාගැනීමට සමත් වී නැත. ලකුණු නොලබා දැවී ගොස් ඇත්තේ එක් අවස්ථාක පමණි.