භානුක රාජපක්ෂ වෙනුවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් උත්ඝෝෂණයක. (ඡායාරූප හා වීඩියෝ පහළින්)
(ප්‍රේක්ශයින් මාධ්‍යට අදහස් දැක්වූ වීඩියෝවත් පහළින් නැරඹිය හැක) ඉන්දියාවට එරෙහිව ආරම්භක වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි භානුක රාජපක්ෂ , Skinfold නම් ශාරීරික යෝග්‍යතා පරීක්ශන අසමත් වීම හේතුවෙන් අවසන් මොහොතේ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබුණා.
මේ හේතුවෙන් අද දින, භානුක රාජපක්ෂ හට සිදුවී ඇති අසාධාරණය හේතුවෙන් මෙරට ක්‍රිකට් ලෝලීන් පිරිසක් ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට රැස්වී ඇති අතර, එහිදී මාධ්‍ය වෙතට ද අදහස් දක්වා තිබුණා.. (එහිදී ප්‍රේක්ෂකයින් විසින් ප්‍රකාශ කළ අදහස් පහළින්)
“ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ දෙවෙනි තරඟය ලකුණු සමවුණ වෙලාවේ සුපර් ඕවර් එකේදී ක්‍රීඩා කරන්න ක්‍රීඩකයෙක් නැහැ. ඒ නිසා තමයි එක ලකුණ විතරක් ගහන දිනේශ් චන්දිමාල් සුපර් ඕවරේ ක්‍රීඩා කරන්න ආවේ. හැබැයි බානුක රාජපක්ෂ හිටියානම් අනිවාර්යයෙන්ම ඔහු සුපර් ඕවරේට මුහුණ දෙනවා. එහෙනම් එදා අනිවාර්යයෙන්ම අපි තරඟය ජයග්‍රහණය කරනවා.”
“එදා එංගලන්තයේදී විනය විරෝධී ලෙස හැසිරිලා අවුරුද්දක තරඟ තහනම් ලබාදුන්න ක්‍රීඩකයින් අද කණ්ඩායමේ ඉන්නවා. මේ කණ්ඩායමේ දක්ශතා පෙන්නපු ක්‍රීඩකයින් එලියට විසිකරලා. මේ රටේ හැමදාම ක්‍රිකට් අවුල් කරන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න අය. භානුක රාජපක්ෂව එලියට දාල තියෙන්නේ ඔහුගේ ඇඟ වැඩී කියලා. එහෙනම් 1996 අර්ජුන ක්‍රිකට් ගහන්නේ නැහැ. දුලිප් මෙන්ඩිස් ක්‍රිකට් ගහන්නෙ නැහැ. ඇග නෙමේ ක්‍රීඩකයාගේ හයිය විතරයි ඕනේ ක්‍රිකට් ගහන්න. භානුක කියන්නේ හොඳටම දක්ශතා පෙන්නපු ක්‍රීඩකයෙක්.”
“අද ඉන්දියාවේ IPL වලට ලංකාවෙන් අරගෙන තියන එකම පිතිකරුවා භානුක රාජපක්ෂ. ඔහුව අද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කරලා. මේ දේම ලසිත් මාලිංගටත් කරා. නුවන් කුලසේකරටත් කරා. මේ රටේ ක්‍රිකට් පාලකයෝ හැමදාම කරේ සූදුව. ශ්‍රී ලංකාවට 2022 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න ඕනනම් අනිවාර්යයෙන්ම භානුක රාජපක්ෂ වගේ ක්‍රීඩකයෙක් අනිවාර්යයෙන්ම කණ්ඩායමේ ඉන්න ඕනේ. ඔහු කණ්ඩායමේ මැඳපෙළ ශක්තිමත් කරනවා.”
“එංගලන්තයේදි විනය කඩලා රටට අපකීර්තියක් ගෙනල්ල දුන්න ක්‍රීඩකයින් තුන්දෙනාට අවුරුද්දක තරඟ තහනමක් ලබාදුන්නට මාස 6න් ඔවුන් ආයෙමත් කණ්ඩායමේ ක්‍රිකට් ගහනවා. අපිට ඒගොල්ලො ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තනි තනිව කිසිම වෛරයක්, තරහක්, යාළුකමක් නැහැ. අපි ආදරය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. ක්‍රීඩාඇමති තුමා අතිගරු නාමල් රාජපක්ෂ මැතිතුමාට කියනවා කරුණාකරලා භානුකගේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා..”
“අපි හැමෝම එකතු වෙලා ඉන්නේ භානුකව නැවතත් කණ්ඩායම අරගන්න. භානුක කියන්නේ ඇත්තටම කණ්ඩායමට අත්‍යාවශ්‍යම ක්‍රීඩකයෙක්. මොකද, අවශ්‍ය වෙලාවේදී පහරක් ගහන්න පුලුවන් ඇඟේ හයිය තියන එකම ක්‍රීඩකයා භානුක රාජපක්ෂ. නමුත් එයාගේ ඇග වැඩී, බඩ වැඩී කියන එකනම් ප්‍රශ්නේ, ලංකාවේ ක්‍රිකට් වලපල්ලට යාමක් තියෙන්නේ. මෙතන තියන්නේ පෞද්ගලික අරමුණක්. ඒ පෞද්ගලික අරමුණට විරුද්දව තමයි අපි මෙහෙම එකතුවෙලා ඉන්නේ.”
උත්ඝෝෂණයේ ඡායාරූප කිහිපයක් පහළින්, (Photos),
1)
2)
3)
4)
5)
6)
7)
8)
Video,
(Sounds ඇහෙන්නේ නැත්නම් මෙතන Click කර වීඩියෝව එක නරඹන්න.) Click