භානුක රාජපක්ෂ සමුගැනීමේ තීරණය ඉල්ලා අස්කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පැමිණෙනවාද?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා වෙනුවෙන් එක්දින හා විස්සයි විස්ස නියෝජනය කළ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ පහුගිය දා, තාමාගේ පෞද්ගලික හේතූන් කිහිපයක් ඉදිරිපත් කර ඒ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය වෙත දැනුම් දී තිබුණා.

 

 

ඉතාමත් කෙටි කලයකදී තමාගේ දක්ශතාවයන් ලොවටම පෙන්නූ භානුක රාජපක්ෂ මෙලෙසින් හදිස්සියේම සමුගැනීම, මෙරට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ විශාල ප්‍රමාණයක් කණගාටුවට පත්වූ අතර, නැවතත් ක්‍රිකට් පිටියට පැමිණෙන ලෙස විශාල ඉල්ලුමක් පවතිනවා.

 

 

මේ වන විට භානුක රාජපක්ෂ යළි ක්‍රිකට් පිටියට ගෙන්වීම සදහා  ශ්‍රී ලංකා සමාජ මාධ්‍යවල විශාල ප්‍රමාණයෙක් #dontretirebhanuka නමින් රැල්ලක් පවත්වාගෙන යන අතර ඒ සඳහා බොහෝ ප්‍රමාණයෙන් ප්‍රේක්ෂකයන් එකතුවී තිබෙනවා.

 

 

මේ අතරවාරයේ ඇතැම් වෙබ් අඩවි කිහිපයක් විසින් අද දින භානුක රාජපක්ෂ සම්බන්ධයෙන් සුබවාදී ආරංචියක් ඇති බව සදහන් කර තිබූ අතර, ” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.” යනුවෙන් අද තොරතුරු වාර්තා කර තිබුනා.

 

 

කෙසේ නමුත් භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය මෙතෙක් වෙනසක් සිදුකර නොමැති බව ක්‍රීඩා මාධ්‍යවේදී ධනුශ්ක අරවින්ද ඔහුගේ වෙබ් අඩවියේ සඳහන් කර සිටියා.

 

 

භානුක රාජපක්ෂ හදිසියේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමට හේතු වු බවට හැඟෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් වන skinfold test, අනෙක් ක්‍රීඩකයින් සඳහා මේ වනවිට ආරම්භ කර තිබෙන බවටද වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඉහළ දක්ෂතා ඒකකයේදි පැවැත්වෙන මෙම පරීක්ෂණයට කොන්ත්‍රාත්ගත වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙමින් සිටින බවටයි වාර්තා වෙන්නේ..

 

ශරීරයේ මේද ප්‍රමාණය සළකා බැලෙන මෙම පරීක්ෂණය ගිය වසරේ සමත් මට්ටම 85 ක් ලෙස පැවතී අතර, නව වසරේදී එය මෙවර පරීක්ෂණයේ සිට එය 70 ක් ලෙස නම් කර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *