භානුක රාජපක්ෂ හා ඉසුරු උදාන ක්‍රීඩාකළ Dubai Capitals කණ්ඩායමට විශිෂ්ඨ ජයක්.

(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) International League T20 තරඟාවලිය ආරම්භ වෙමින් පැවතී පලමු තරඟයෙන් Abu dhabi Knight Riders කණ්ඩායම පරදා ලකුණු 73ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට Dubai Capitals කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Abu dhabi Knight Riders කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Dubai Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී, Dubai Capitals ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක Rowman powell පන්දු 29කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 48ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, ආරම්භක පිතිකරු Rabin Uththappa පන්දු 33කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබාගත් අතර, Jeo Root ලකුණු 26ක් හා Sikandar Raza ලකුණු 26ක් ලබාගත් අතර, ඉසුරු උදාන ද පන්දු 3කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ලබාගැනීමට සමත්වුණා.. භානුක රාජපක්ෂ හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 9ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී Ravi Rampaul පන්දුවාර 4 අවසානයේදී ලකුණු 36කට කඩුලු 2ක් හා Ali Khan පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 45කට කඩුලු 2ක් දවාගත් අතර, Andre Russell හා sunil Narine එක් කඩුල්ල බැඟින් ද දවාගනු ලැබූවා.

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී Abu dhabi Knight Riders කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 114ක් පමණයි.

එහිදී වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Paul Stirling පන්දු 38කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Andre Russell පන්දු 12කදී එක් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබාගත් අතර, අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10සීමාවටවත් ලඟාවීමට Dubai Capitals පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ.

 

 

පන්දු යැවීමේදී Rovman Powell පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 15කට කඩුලු 2ක් දවාගත් ගැනීමට සමත්වුණා. ඊට අමතරව Mujeeb Ur Rahman ලකුණු 16කට කඩුලු 2ක් , Akif Raja ලකුණු 20කට කඩුලු 2ක් බිඳ දැමූ අතර ඉසුරු උදාන (Overs 4 | Runs 14 | Wickets 1) , Sikandar Raza , Hazrat Luqman එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.

 

 

ඒ අනුව, International League T20 තරඟාවලිය ආරම්භ වෙමින් පැවතී පලමු තරඟයෙන්ම ලකුණු 73ක ජයක් ලබාගැනීමට Dubai Capitals කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පිත්තෙන් වේගවත් ලකුණු 48ක් හා පන්දුවෙන් කඩුලු 2ක් බිඳ දැමූ Rovman Powell වේ.

 

 

ඉසුරු උදාන ලබාගත් කඩුල්ල වීඩියෝව මෙන්න. (Video)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *