භානුක රාජපක්ෂ හා තවත් සුපිරි ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානම් වෙයි.
මේ වන විට ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස තරඟවලදී කණ්ඩායමේ ස්ථානයක් දිනාගෙන සිටින සුපිරි ක්‍රීඩක භානුක රාජපක්ෂ, හා තවත් තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්ථා වෙනවා.
භානුක රාජපක්ෂ සමඟින් පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ ඇන්ජලෝ පෙරේරා, තමන්ගේ ඉල්ලා අස් වීමේ ලිපි ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති බවටයි වාර්ථා වෙන්නේ.
තමාගේ ශාරීරික යෝග්‍යතා පිළිඹඳ ගැටලු කිහිපයක් හේතුවෙන් භානුක රාජපක්ෂ හට ජාතික කණ්ඩායමේ වසරකට අදික කාලයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබිණි.
ඉන් පසුව ඔහු විසින් මාධ්‍ය කිහිපයක් වෙත දැක්වූ අදහස් හේතුවෙන්, නැවතත් ඔහුට අවස්ථාවක් ලැබුන අතර යළිත් ශාරීරික යෝග්‍යතාව හොඳින් පවත්වාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට හැකිවිය.
ඉන් අනතුරුව, පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලියේද ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී පිතිකරුවෙක් බවටද පත්වීමට හැකි විය..
භානුක රාජපක්ෂ මෙලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කිරීමට හේතුව තවමත් නිශ්චිතව වර්ථා වී නොමැති නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා අලුතින් හදුන්වා දුන් ශාරීරික යෝග්‍යතාවන්හි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සිදුකර ඇති වෙනස්කම් හේතුවක් බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම වසරේ කිලෝමීටර් 2ක් විනාඩි 8යි තප්පර 35ක් ඇතුළත දිවීමේ ක්‍රමය, ඒ සඳහා ගත යුතු කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මඟින් අඩු කර තිබෙනවා, මෙම වසරේ කිලෝමීටර් 2 දිවීම සඳහා ලබාගත හැක්කේ විනාඩි 8යි තප්පර 10ක් පමණි. තවද SkinFold 85 සිට 70 දක්වා ද අඩුකිරීමට ද පියවර ගෙන තිබෙනවා.
භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරඟ 5කට ක්‍රීඩා කළ ඇති අතර, එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 89ක් ලබාගෙන සිටිනවා. ඔහුගේ එක්දින හොඳම ලකුණු සංඛ්‍යාව 65කි.
මේ වන විට ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්ස තරඟ 18කට ක්‍රීඩා කර ඇති අතර, අර්ධ ශතක දෙකක් සමඟින් මුලු ලකුණු 320ක් ලබාගෙන සිටින අතර පිතිකරණ සාමාන්‍ය 26.66ක් ලෙස සඳහන් වෙනවා.
කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගෙන සිටින භානුක රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ නායකයා ද වේ.
මේ වන විට ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ තරඟ 20කදී ඉනිම් 17ක් ක්‍රීඩා කර ඇති අතර, එක් අර්ධ ශතකයක් සමඟින් මුලු ලකුණු 359ක් ලබාගැනීමට සමත් වී ඇත. LPL ඉතිහාසයේ භානුක රාජපක්ෂගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්ථා වෙන්නේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම එරෙහිව වාර්ථා කළ ලකුණු 56 වේ.