මංගල තරඟය ක්‍රීඩා කළ මතීෂ පතිරණ (පොඩි මාලි) කඩුලු 2ක් දවාගැනීමට සමත්වෙයි..

(මතීෂ ලබාගත් කඩුලු 2 වීඩියෝව පහළින් නැරඹිය හැක) IPL තරඟාවලියේ 62 වන තරඟය ලෙස අද (15) පැවතී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්ථා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කින්ග්ස් නායක M.S දෝණි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු ලකුණු 133ක් පමණයි.

චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Raturaj Gaikwad අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 49කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව Narayana Jagadeesha පන්දු 33 කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39 ලබාගත් අතර මොයින් අලී පන්දු 17කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක්ද ලබාගැනීමට සමත්විය. නායක මහේන්ද්‍ර සිං දෝණි හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 7ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී මොහොමඩ් ශාමි පන්දුවාර 4 අවසානයේදී ලකුණු 19කට කඩුලු 2ක් දවාගත් අතර රශීඩ් ඛාන්, Alzarii Joseph හා Ravisrinivasan Sai Kishore එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 134 ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 137ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණයට කිරීමට සමත්වුණා.

ගුජරාට් ටයිටන්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ව්‍රිද්දිමන් සහා පන්දු 57කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Matthew Wade පන්දු 15කදී හතරේ පහර 2ක් ක් සමඟින් ලකුණු 20ක් ශුබ්මන් ගිල් පන්දු 17කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබාගත් අතර, ඩේවිඩ් මිලර් පන්දු 20කදී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී අද දින තම මංගල IPL තරඟය ක්‍රීඩා කළ මතීෂ පතිරණ පන්දුවාර 3.1ක් අවසානයේදී ලකුණු 24කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වුණා. මතීෂ යොමු කළ පළමු කඩුල්ලෙන්ම කඩුල්ලක් දවාගනු ලැබූ අතර ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වනුයේ ශුබ්මන් ගිල් හා හර්දික් පාන්ඩ්‍යා වේ.  ඊට අමතරව මොයින් අලී පන්දුවාර 2කදී ලකුණු 11කට එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්විය.

 

 

ඒ අනුව චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය පත්කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අර්ධ ශතකයක් ලබාගත් ව්‍රිද්දිමන් සහා වේ.

මතීෂ පතිරණ ලබාගත් කඩුලු දෙක, (Video) 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *