මංගල තරඟය ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රමගෙන් සුපිරි පන්දු යැවීමක්.
ශ්‍රී ලංකා බංගලාදේශය අතර දෙවෙනි ටෙස්ට් තරඟය 29 වනදා ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම හට ටෙස්ට් වරම් දිනා ගැනීමට හැකි වුණා.
පලමුව පන්දුවට පහර ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 493ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න හා ළහිරු තිරිමාන්න ශතක රැස් කිරීමට සමත් විය.
අද (01) දිනයේ බංගලාදේශය කණ්ඩායම සිය පළමු ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ට පලමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 251ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිතර වූ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.
ඒ අනුව මංගල ටෙස්ට් තරඟයේ දී ඉනිමක කඩුලු 5ක් දවාගත් 5වන පන්දු යවන්නා වීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය.
මීට පෙර මංගල ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම කඩුලු 5ක් දවා ගැනීමට සමත් වී ඇති පන්දු යවන්නන්.
1) 1986 දී කෝසල කුරුප්පුආරච්චි පකිස්ථානයට එරෙහිව ලකුණු 44ට කඩුලු 5ක් දවා ගැනීමට.
2) 1999 දී උපුල් චන්දන පකිස්ථානයට එරෙහිව ලකුණු 179ට කඩුලු 6ක් දවා ගැනීම.
3) 2018 දී අකිල ධනංජය බංගලාදේශයට එරෙහිව ලකුණු 24ට කඩුලු 5ක් දවා ගැනීම.
4) 2019 දී Lasith Embuleniya දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 66කට කඩුලු 5ක් දවා ගැනීම.
5) 2021* ප්‍රවීන් ජයවික්‍රම බංගලාදේශයට එරෙහිව ලකුණු 90කට කඩුලු 6ක් දවාගැනීම.
ඒ අනුව අද දිනයේ (01) මංගල ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්ථාව තමන් සතු කරගැනීමට 22 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම සමත් විය.
ප්‍රවීන් ජයවික්‍රම ලබා ගත් කඩුලු හය නරඹන්න මෙතන ක්ලික් කරන්න. (Video)