මංගල IPL තරඟය ක්‍රීඩා කළ භානුකගෙන් වේගවත් ඉනිමක්.
(වීඩියෝ පහළින්ම නැරඹිය හැක) 15 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 3 වන තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් පන්ජාබ් නායක Mayank Agarwal පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 205ක් ලබාගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ RCB කණ්ඩායමේ නායක faf Du Plessis පන්දු 57කදී හතරේ පහර 3ක් හා හයේ පහර 7ක් සමඟින් ලකුණු 88ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව විරාට් කෝලි පන්දු 29කදී හතරේ පහක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබාගත් අතර Anuj Rawat පන්දු 20කදී ලකුණු 21ක් හා ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Dinesh Karthik පන්දු 14කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබාගැනීමට සමත්විය.
රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ බිඳවැටුනු කඩුලු දෙක Arshdeep Singh හා Rahul Chahar අතරේ බෙදීගියා..
අනතුරුව ලකුණු 206ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 208ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
එහිදී පන්ජාබ් ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 22කදී හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Shikhar Dhawan පන්දු 29කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබාගත් අතර, නායක Mayank Agarwal පන්දු 24කදී ලකුණු 32ක් හා ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා Odean Smith පන්දු 8කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී mohammed Siraj පන්දුවාර 4 අවසානයේදී ලකුණු 59කට කඩුලු 2ක් බිඳ දැමූ අතර වනිඳු හසරංග ලකුණු 40කට එක් කඩුල්ලක් හා Akash Deep , Harshal Patel අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
ඒ අනුව රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමින් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම මෙවර තරඟාවලිය ජයග්‍රහණයකින් ආරම්භක කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Odean Smith වේ.
වනිඳු හසරංග ලබාගත් කඩුල්ල (වීඩියෝව)
— cric fun (@cric12222) March 27, 2022
— cric fun (@cric12222) March 27, 2022