මගේ නමින් ටික් ටොක් එකවුන්ට් එකක් තියනවා – චාමික කරුණාරත්න

ශ්‍රී ලංකා යූටියුබ් වැඩසටහන් ඉදිරිපත් කරන අශේන් සේනාරත්න හා මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට යොමු වී සිටින තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අද (1) දින සුහද සාකච්ඡාවට එක්වූ අතර එහිදී අශේන් විශින් අසන ලද ප්‍රශ්න කිහිපයකට චාමික කරුණාරත්න විසින් පිලිතුරු ලබා දුන්නා.

 

ලෝකයටම බලාපා ඇති කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ක්‍රීඩකයින් බබ්ල් කරමින් තරඟාවලි වලට සහභාගි වීමට සිදුවී ඇති අතර, මෙලෙස මාස ගණනක් බබ්ල් වල ජීවත් වීම ගැන චාමික කරුණාරත්න පැවසූවේ මෙවන් අදහසක්,

“බබ්ල් වල ජීවිතය හරිම අමාරුයි දෙයක්. අම්මා තාත්තා , යාලුවෝ, මගේ සුරතල් සතුන් කවුරුත් බබ්ල් වල නැහැ. මම ගොඩාක් පෙට් ලවර් කෙනෙක්. ඔවුන් නැතුව ඉන්නම බැහැ. නමුත් දැන් ඒ හැමදේකටම පුරුදු වෙලා තියෙන්නේ.”

 

චාමික කරුණාරත්න නමින් ටික් ටොක් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් ප්‍රචාරනය වෙනවා, මෙය ඔබ හිතාමතාම කරන දෙයක් ද?

“මම හිතාමතා කිසිම දෙයක් කරලා නැහැ. මගේ නමින් කවුරුහරි කෙනෙක් මාස ගාණක ඉදන් ටික් ටොක් එකවුන්ට් එකක් කරනවා. මම ඉතින් ඔහුට බාධාවක් කරන්න ගියේ නැහැ. කවුරු හරි මට ආදරය කරන කෙනෙක්නේ ඒක කරන්නේ. මිනිස්සු මට ගොඩාක් ආදරෙයි. ඒ තරමටම මමත් ඔවුන්ට ගොඩාක් ආදරෙයි. මට ආදරය කරන්නෙ නැති කෙනෙක්ට වුනත් මම ආදරෙයි. ”

 

ආදරය ගැන ඔබ මොකක්ද හිතන්නේ…?

“ආදරය කියන්නේ හොඳ දෙයක්. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒක නැති වුනාමත් ප්‍රශ්නයක්, වැඩිපුර තිබුණාමත් ප්‍රශ්නයක්. ඒක සමබරව හරි විදිහට කරගෙන යන්න පුලුවන්නම් ආදරය කරන එක හැමෝටම හොඳ දෙයක්.”

ස්කෝලේ යන කාලයේදීත් ඔය වගෙ උනන්දුවක් තිබුණද?

“මම හිතන්නේ ස්කෝලේ යන කාලේ මීට වඩා වැඩිපුර තිබුණා. සමහර කාල වලදී සමහර දේවල් අපිට නොදැනුවත්කමින් හෝ දැනුවත්ව ඒ දේවල් හංගගන්න වෙනවා. මොකද, සමහර වෙලාවට ඒක ජනතාවට වැරදි විදිහට පේන්න පුලුවන් නිසා.”

 

තරඟයකට යන විට ජයග්‍රහණය කිරීමට හිතාගෙන ගියත් සමහර විට තරඟ පරාජයට පත්වන අවස්ථා තියනවා. ඒකට බලපාන හේතු හා තරඟයක් පරාජයට පත්වීමට එක් ක්‍රීඩකයෙක් පමණක් හේතුවක් වෙනවද?

“තරඟයක් පරාජයට පත්වීමට එක් ක්‍රීඩකයෙක් හේතුවක් වෙන්නේ නැහෑ. මම සමහර වෙලාවට සෝශල් මීඩියා වල දැකලා තියනවා එක් එක් ක්‍රීඩකයින්ට බැනැලා තියනවා. නමුත් මම කියන්නේ අපි මිනිස්සු වශයෙන් අපිට වරදින්න පුලුවන්. මගේ ජීවිතයේ 90%ක් පමණ ක්‍රීඩාව තිබුණ කෙනෙක්. ඒ ක්‍රීඩා ජීවිතයේ මට ඕන තරම් වැරදීම් සිදුවෙලා තියනවා. අපි හැමෝම එන්නේ රට වෙනුවෙන් ජයග්‍රහණ ලබාගන්න. ඒ නිසා මම ජනතාවට කියනවා එහෙම දේවල් කරන්න එපා කියලා.”

 

මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන්, වැඩිපුරම කාන්තා ආකර්ෂණය හිමි ක්‍රීඩකයා චාමික කරුණාරත්න කිව්වොත් ඔබ පිලිගන්නවා ද?

“නැහැ. මම පිලිගන්නේ නැහැ. මම කොහොමද එහෙම කියන්නේ. ඒ උනාට කොල්ලෝ කෙල්ලෝ ගොඩාක් මට ආදරය කරනවා කියලා මම දන්නවා. ක්‍රිකට් තරඟ අතරතුරේදී ඔවුන් මාත් සමඟ කතා බහ කරනවා. අපි ක්‍රීඩා කරන කොට ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා අපිට උදව් කරන අයට මම ගොඩක්ම ගෞරව කරනවා.”

 

ඔබ දඩබ්බර, වලියට බර, තරහා යන පුද්ගලයෙක් ද?

“ඔව්. එහෙම කිව්වට මිනිස්සු වැරදියටත් හිතන්න පුලුවන්. මම මගේ ජීවිත කාලය පුරාවටම ක්‍රීඩා 3ක් කළ පුද්ගලයෙක්. මම හැමවෙලාවෙම බලන්නේ ජයග්‍රහණය කරන්න. ඒ නිසා වෙන්නැති ඒ විදිහට හැසිරෙනවා පෙනෙන්නේ.”

 

මාස ගණනක් බබ්ල් වල හිරවෙලා ඉදලා නිදහස් වුණාට පස්සේ කරන දේවල් මොනවාද?

“මගේ අම්මා තාත්තා පවුලේ අය බලන්න යනවා.
යාලුවෝ මුණ ගැහෙන්න යනවා.
මගේ සුරතල් සතුන් දෙන්නම බලන්න යනවා.
මම කැමතිම ආහාර ගන්න යනවා.
මම ගොඩක්ම ෆිල්ම් බලන කෙනෙක්. හින්දි, දෙමළ ඒ හැම ෆිල්ම් එකක්ම බලනවා.”

 

චාමික කරුණාරත්නගේ ජීවිතයෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා වගේ, ඔබ අනෙක් මිනිසුන්ගේ ජීවිත වලින් ඉගෙන ගෙන තියන දේවල් මොනවාද?

“අපි හැමවෙලාවේම මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා. එච්චරටම අපේ ජීවිතයේ වැරදි වැඩියි. අපි දවසෙන් දවස ඉගෙන ගන්නවා කියලා කතාවකුත් තියනවනේ.”

ඔබ කාගෙන්වත් හොඳටන මට්ටු වෙලා නැද්ද?

“මට්‍ටු වෙලා නැහැ. මොකද මාව මට්ටු කරන්න බැහැනේ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *