මගේ පිතිකරණයේ යම් යම් වෙනස්කම් ටිකක් කළා – අවිශ්ක ප්‍රනාන්දු
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරඟාවලියේ තුන්වන හා අවසන් එක්දින තරඟය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, අද තරඟයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 76 ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
එංගලන්තය සංචාරයේදී ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ අවිශ්ක ප්‍රනාන්දු මෙම තරඟාවලියේ තරඟ තුනේදී ලකුණු 159ක් ලබාගැනීමට සමත් වු අතර තරඟයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙවෙන් අවිශ්ක ප්‍රනාන්දු සඳහන් කර සිටියේ ඔහුගේ පිතිකරණයේ යම් යම් වෙනස්කම් සිදුකළ බවයි.
මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අවිශ්ක ප්‍රනාන්දු කළ සම්පූර්ණ ප්‍රකාශය පහළින්
“මම එංගලන්තයේදී ක්‍රීඩා කරපු විදිහත් එක්ක මම පොඩි පොඩි දේවල් ටිකක් මගේ බැටින් වල වෙනස් කළා. ඒක නිසා මට හොඳින් ලකුණු අතරට පැමිණීමට හැකියාව ලැබුණා. අපේ කණ්ඩායම ගත්තොත් ගොඩක්ම ඉන්නේ තරුණ ක්‍රීඩකයින්. ඉතින් මම ආරම්භක පිතිකරුවෙක් විදියට මට අවශ්‍ය වුණේ දිගු ඉනිමක් ක්‍රීඩා කරන්න. මම මේ සීරිස් එකේ පිතිකරණයේ යෙදුන විදිහට මට ලොකු දෙයක් කණ්ඩායම වෙනුවෙන් කරන්න පුලුවන් වුණා.

භානුක රාජපක්ෂ එක්ක පිතිකරණයේ යෙදෙන කොට භානුක වේගයෙන් පන්දුවට පහර දෙන නිසා මම හැමවෙලාවෙම බැලුවේ එයාට ස්ට්‍රයික් එක ලබා දෙන්න. එයා හැම පන්දුවාරයටම හතරක් හෝ හයක් ගහන නිසා මටත් ඔහු පහසුවෙන් පිතිකරණයේ යෙදෙන්න පුලුවන් වුණා. ඒ නිසා අපි දෙන්නට හොඳ පාට්නර්ශිප් එකක් හදන්න පුලුවන් වුණා.”

දසුන් ශානකගේ නායකත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට අවිශ්ක ප්‍රනාන්දු විසින් පිලිතුරු ලබා දුන්නේ, දසුන් ශානක හා කුසල් ජනිත් අතර වෙනසක් නැති බවත් දෙදෙනාම පිටිය මැදදී ක්‍රීඩකයින් සමඟ කතා කර අදහස් ලබාගන්නා බවයි.
“නායකත්වයේදී කුසල් ජනිත්ගෙයි, දසුන් ශානකගෙයි ලොකු වෙනසක් නැහැ. පිටිය මැදදි අපි එක්කත් කතා කරලා අපෙනුත් අදහස් ගන්නවා.”

අවිශ්ක ප්‍රනාන්දු තරමක් වේගයෙන් පන්දුවට පහරදෙන ක්‍රීඩකයෙක් වුවත් මෙම තරඟාවලියේදී මනා සංයමයකින් යුතුව පන්දුවට පහර දුන් අතර ඒ සම්බන්ධයෙන් අවිශ්ක ප්‍රනාන්දු විසින් දැක්වූයේ මෙවන් අදහසක්.
“මම ටිකක් වේගයෙන් පන්දුවට පහරදෙන ක්‍රීඩකයෙක්. මම මේ තරඟාවලියේදී පවර්ප්ලේ අවස්ථාවේදී ඒ විදිහට ක්‍රීඩා කළත්, පවර්ප්ලේ එකෙන් පස්සේ මම ක්‍රීඩා කළේ කණ්ඩායමට අවශ්‍ය විදිහට. ඒ නිසා මට හොඳින් ලකුණු අතරට එන්න පුලුවන් වුණා. ඒ විදියට ලකුණු ලබාගැනීමට හැකිවීම නිසා විස්සයි විස්ස තරඟාවලියට යන කොට මට ලොකු විශ්වාසයක් තියනවා.”

“අපි හැමෝම බලාගෙන ඉන්නේ තරඟ ජයග්‍රහණය කරනකන්. නමුත් අපි තරඟ ජයග්‍රහණය කළත් පරාජයට පත් වුණත් අපි හැමෝම හැමදාම කණ්ඩායමක් විදිහට එකට හිටියා. මම හිතන විදිහට විස්සයි විස්ස තරඟාවලියෙදිත් මේ විදිහට හොඳින් ක්‍රීඩා කළහොත් අපිට තරඟාවලිය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා.”
