මගේ හොඳම නායකයා ඇන්ජලෝ මැතිවුස්.. ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සචිත් පතිරණ කියයි..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන සචිත් පතිරණ මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති අතර මේ වන විට 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු ධූරය දරමින් සිටියි.
සචිත් පතිරණ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 18ක් හා විස්සයි විස්ස තරඟ 5ක් ක්‍රීඩා කර ඇති අතර මුළු ලකුණු 359ක් ලබාගෙන ඇති අතර කඩුලු 20ක් දවාගැනීමට සමත් වී ඇත. ජාත්‍යන්තර පිටියේ එතරම් දක්ශතාවයක් දැක්වීමට නොහැකි වුවත් පලමු පෙළ තරඟ වලදී ඔහු කැපී පෙනෙන දස්කම් දක්වීමට සමත් වී ඇත. ඔහු විසින් පලමු පෙළ තරඟ 77ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 2928ක් ලබාගැනීමට සමත් වී ඇති අතර කඩුලු 267ක් ද ලබා ගැනීමට සමත් වී ඇත.
සචිත් පතිරණ රොශාන් අබේසිංහ සමඟ පැවතී සාකච්ඡාවේදී කළ ප්‍රකාශයකට අනුව ඔහු ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරඟ 23 ඇතුළත ඔහු නායකයින් හතර දෙනෙක් යටතේ ක්‍රීඩා කර ඇති බව ප්‍රකාශ කර අතර එම නායකයින් වන්නේ ඇන්ජලෝ මැතිවුස්, දිනේශ් චන්දිමාල්, තිසර පෙරේරා, උපුල් තරංග වේ. එම නායකයින් අතර සචිත් පතිරණ ප්‍රකාශ කරන පරිදි ඔහුගේ හොඳම නායකයා වන්නේ ඇන්ජලෝ මැතිවුස් වේ.
හොඳම නායකයා ඇන්ජලෝ මැතිවුස් වීමට හේතුව ප්‍රකාශ කරමින් ඔහු පවසා සිටියේ ඇන්ජලෝ මැතිවුස් හට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් තිබූ ක්‍රීඩකයෙකු බැවිනි. අනෙත් නායකයින් තිදෙනාටම කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් නොතිබූ බැවින් ඔවුන්ට තීරණය ගැනීමේදී ලොකු පීඩනයකට ලක් වන බව ද සචිත් පතිරණ ප්‍රකාශ කළේය.
මේ වන විට 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන පුහුණුකරු සචිත් පතිරණ අවසාන වශයෙන් ඔහුගේ බලාපොරොත්තු ලෙස ප්‍රකාශ කර සිටියේ කවදා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරු වීමයි.