මට අයි.පී.එල් තරඟාවලියේ කණ්ඩායම් දෙකකින් කතා කරලා තියනවා – වනිඳු හසරංග

මේ වන විට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් ඉදිරිපත් කරන විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවන වනිඳු හසරංග හා ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමඟ යූටියුබ් නාළිකාවේ වැඩසටහනකට එක් වෙමින් වනිඳු හසරංගගේ ක්‍රීඩා ජීවිතයේ සාර්ථකත්ව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විය.

ලසිත් මාලිංග මුල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන විට ජාත්‍යන්තරයේ සිටි වකාර් යුනිස්, වසීම් අක්‍රම් වැනි පන්දු යවන්නන් පන්දු යවන ආකාරය නරඹමින් ඔහුට ගත හැකි දේවල් ගත් බව පැවසූ අතර එලෙස වනිඳු හසරංග විසින් අධ්‍යනය කරන ජාත්‍යන්තර පන්දු යවන්නන් කවුරුන්ද ලෙස ඇසූ ප්‍රශ්නයකට වනිඳු හසරංග විසින් ප්‍රකාශ කලේ ඔහු ඉම්රාන් තහීර් හා රශීඩ් කාන් යන පන්දු යවන්නන් පන්දු යවන ආකා‍රය නරඹන බවයි.

මම බෝල් කරන විදිහ හා වේගය එක්ක බලද්දී ජාත්‍යන්තරයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ඉන්නේ ඉම්රාන් තහීර් හා රශීඩ් කාන්. ඉතින් ඒ දෙන්නා ඉන්ටර්නැෂනල් ගහද්දි වගේම ලීග් තරඟ ගහද්දිත් මම අනිවාර්යයෙන්ම ඒ දෙන්නා බෝල් කරන විදිහ බලනවා. එතකොට තමයි මට එයාලගෙන් දෙයක් ගන්න පුලුවන් වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස නැවතත් පියල් විජේතුංග නැවතත් පැමිණීම හේතුවන් වනිඳු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ට ලොකු ශක්තියක් ඇති බව වනිඳු හසරංග විසින් පවසා සිටියා.

පියල් සර් ආයෙමත් කෝචින් කෙනෙක් විදියට ආවා. මම මුලින්ම සෙල්ලම් කරන කොටත් හිටියේ එයා. පියල් සර් අනිවාර්යයෙන්ම අපිට වටිනවා. මේ දවස්වල එයත් එක්ක බෝලයේ වේගය වෙනස් කරන වැඩ වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. මීට කලින් අපිට ස්පින් බෝලින් කෝච් කෙනෙක් හිටිය නැති නිසා දෙයක් අහගන්නවත් කෙනෙක් හිටියේ නැහැ. ඉතින් පියල් සර් නැවත පැමිණිය එකනම් අපිට ගොඩාක් වටිනවා.

ශ්‍රී ලංකා නව තේරීම් කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද නව ශාරීරික යෝග්‍යතා පරීක්ශනය සම්බන්ධයෙන් වනිඳු හසරංග ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක්.

අපි දැන් එක දිගට තරඟාවලි තුනක් ක්‍රීඩා කළා. ඊට පස්සේ දකුණු අප්‍රිකාව සමඟ තරඟාවලියක් තියනවා. ලෝක කුසලානයත් ලඟ ලඟම තියනවා. ඒ විදියට එකදිගට ක්‍රීඩා කරන්න අනිවාර්යයෙන්ම ෆිට්නස් හොඳට තියාගෙන ඉන්න ඕනේ. අපිට මාස තුනෙන් තුන්ට 2Km දුවන ටෙස්ට් එක තියනවා. තරඟාවලියකදී ක්‍රීඩකයෙක් දෙන්නෙක් ඉන්ජර්ඩ් වුණාම කණ්ඩායමට ලොකු පාඩුවෙන් වෙනවා. ඒ නිසා අපි හැමෝම තරඟ සෙල්ලම් කරන ගමන් ෆිට්නස් හොඳින් තියාගෙන ඉන්නවා.

මේ අතර මේ දිනවල ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් සිටින වනිඳු හසරංගගේ අයි.පී.එල් ගමන සම්බන්ධයෙන් වනිඳු හසරංග ප්‍රකාශ කර සිටියේ ඔහුට කණ්ඩායමේ දෙකකින් කතා කළ බවත් ආරාධනාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම අයි.පී.එල් ක්‍රීඩා කරන බවයි.

මට මගේ ජීවිතයේ හීන දෙකක් තියනවා. එකක් අයි.පී.එල් තරඟාවලිය සෙල්ලම් කරන්න. අනිත් එක එංගලන්තයේ කවුන්ටි එකක් ගහන්න. මම ඉන්දියා තරඟාවලියේදි හොඳින් දස්කම් දැක්වුවා. ඒ නිසා මට අයි.පී.එල් තරඟාවලියේ කණ්ඩායම් දෙකකින් කතා කළා. තවම එයාලා වැඩිපුර කිසිවක් කියලා නැහැ. අයි.පී.එල් එකේ චාන්ස් එකක් ආවොත් මම අනිවාර්යයෙන්ම ගිහින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම තවම ලීග් තරඟාවලියකට සෙල්ලම් කරලා තියෙන්නේ T10 තරඟාවලිය විතරයි. මට තවම වයස අවුරුදු 24යි. ඉතින් අයි.පී.එල් ක්‍රීඩා කරන්න ගිහිල්ලා ලැබෙන අත්දැකීම වගේ එකක් වෙන කිසිම තැනකින් ගන්න ලැබෙන්නෑ.

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *