මට කිලෝමීටර් 2 ටෙස්ට් එක බැරි නිසා මම පාඩුවේ ගෙදර වෙලා ඉන්නවා.
රසල් ආනෝර්ඩ් ගේ Chilling with Russel යූටියුබ් නාළිකාවේ අද දින පැවතී සාකච්ඡාවට ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ලසිත් මාලිංග හා නුවන් කුලසේකර සහභාගී වුණා.
(Screen Shot – Chilling with Russul Youtube Channel)
එහිදී ක්‍රීඩාවේ බොහෝ දේ සාකච්ඡා කෙරුණු අතර නව තේරීම් කමිටුව මඟින් සිදුකරන ලද 2KM ෆිට්නස් ටෙස්ට් එක සම්බන්ධයෙන් ලසිත් මාලිංග තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ එලෙස පරීක්ශනයක් සමත් වීමට අවශ්‍යනම් ක්‍රීඩකයින් එම පරීක්ශණයට සූදානම් විය යුතු බවත් තමාට එය නොහැකි නිසා තමන් ගෙදරට වෙලා සිටින බවත් ය.
“2017 Championship Trophy එකෙන් පස්සේ මටයි කුලේටයි ප්‍රශ්නයක් වෙන්න ටෙස්ට් එකක් තිබුණා. මම දාපු බෝලයකට වෙන කෙනෙක් කැච් එක මිස් කරා කියලා බෝලේ දාපු මගේ බඩ වැඩි කියලා කිව්වා. එතකොට කැච් එක මිස් කරපු කෙනා නෙමේ බෝලේ දාපු මට වැරැද්ද කිව්වේ.”
“ඊට පස්සේ ක්‍රීඩකයින් 40 දෙනෙක් විතර ගෙන්නලා ටෙස්ට් එකක් තිබ්බා. ඒකේ තිබ්බේ 20m ක් වේගයෙන්ම දුවන්නේ කවුද කියලා බැලුවා. එතකොට කුලේට වයස 36ක් විතර, මගේ වයස 35ක් විතර. නමුත් ඔය ටෙස්ට් එකෙන් පලවෙනියා වුනේ කුලේ. කුලේ හිටපු 40 දෙනාගෙන් වයසම කෙනා. දෙවෙනියා වුනේ මම. දැන් කාලේ ෆිට්නස් ටෙස්ට් එකක් කරන කොට ක්‍රීඩකයාට කලින් මීඩියාවට කියනවා. නමුත් ඒ දවස්වල මේක කවුරුවත් දන්නේ නැහැ. අපේ ඒ ෆිට්නස් රිසාල්ට් එක අඩු ගානේ ෆේස්බුක් එකටවත් දාගන්න දුන්නේ නැහැ. එදායින් පස්සේ 20m එක නැවැත්වුවා.”
“කාලෙන් කාලෙට එකේක ෆිට්නස් ටෙස්ට් එනවා. දැන් තියෙන්නේ 2Km ටෙස්ට් එක. ඒගොල්ලෝ කියනවනම් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා ක්‍රීඩකයින් ඒ විදියට හැඩගැහෙන්න දැනගන්න. මට තාමත් පැය 2ක් විතර එකදිගට බෝල් කරන්න පුලුවන්. විස්සයි විස්ස මැච් එකක් නම් බෝල 24ක් විකට් එක කෙලින් බෝල් කරගන්න පුලුවන්. හැබැයි 2Km ටෙස්ට් එක බැරි නිසා කාටවත් කරදර නොකර මම ගෙදරට වෙලා ඉන්නවා.”
ලසිත් මාලිංග ක්‍රීඩකයකුගේ ෆිට්නස් සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමාගේ බඩ වැඩි වුණත් 2019 දී නවසීලන්තයට එරෙහිව පන්දු 4කින් විකට් 4ක් ගෙන තැබූ රෙකෝඩ් එක සතුටින් බාරගත් බවයි.
“2019 දී පල්ලෙකැලේදී මම නවසීලන්තෙට එරෙහිව බෝල් 4කදී විකට් හතරක් ගත්තා. අනේ කවුරුවත් කිව්වේ නෑ මාලිංගගේ බඩ වැඩී, ඒක නිසා මේ විකට් හතර අපි ගනන් ගන්නේ නෑ. අපිට මේ මැච් එකේ දිනුම එපා. රෙකෝඩ් එකත් අපිට එපා. එහෙම කවුරුත් කිව්වේ නෑ. යස අගේට අප්පුඩි ගහලා බාරගත්තා.”
මම ඕන කෙනෙක්ට චැලේන්ජ් එකක් දෙනවා මම බෝල් 24ක් දානවා. එක ක්‍රීඩකයෙකුටවත් යාර 30 සීමාව උඩින් පන්නන්න දෙන්නේ නැහැ. – ලසිත් මාලිංග
මාලිංගගේ මෙම චැලෙන්ජර් එක සම්බන්ධයෙන් නුවන් කුලසේකර ප්‍රකාශ කලේ මාලිංග හැමදාම ප්‍රැක්ටිස් කරද්දී මේ විදියට චැලේන්ජ් කරන බවයි.
“මාලිංග හැමදාම ප්‍රැක්ටිස් කරද්දී බැට්ස්මන් එක්ක චැලේන්ජ් කරනවා පුලුවන් නම් යාර 30 සීමාව උඩින් ගහන්න කියලා. ඒක ඇත්තටම ක්‍රිකටර් කෙනෙක්ගේ වර්ධනයට ගොඩාක් වැදගත් වෙනවා. මේ සාකච්ඡාව ක්‍රීඩකයින් බලනවානම් මේක ගොඩාක් වැදගත් දෙයක්.