මතීශගේ අවසන් පන්දුවාර දෙක, චෙන්නායි කණ්ඩායමට ජයගෙන දෙයි..
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 24 වන තරඟය ලෙස අප්‍රේල් 17 වන දින පැවතී තරඟයෙන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා කඩුලු ලකුණු 8ක ජයක් වාර්තා කරගැනීමට Ms දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 226ක් ලබාගැනීමට සමත්වුණා.
එහිදී, සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Devon Conway වේගවත් අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 45කට මුහුණදෙමින් හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් සමඟින් ලකුණු 83ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, Shivam dube ද වේගවත් අර්ධ ශතකයක් වාර්තාකරගනිමින් පන්දු 27කදී හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් ලබාගැනීමට සමත්වූ අතර Ajinkya Rahane පන්දු 20කදී ලකුණු 37ක් හා Moeen Ali පන්දු 9කදී නොදැවී ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්වුණා.
මෙම තරඟයේදී වනිඳු හසරංග ද ක්‍රීඩා කළ අතර ඔහුට පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 21කට ලබාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණයි. ඊට අමතරව මොහොමඩ් සිරාජ්, ග්ලෙන් මැක්ස්වෙල්, හර්ශාල් පටෙල්, වේන් පර්නල්, විජේකුමාර් වයිශාක් එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පැමිණී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20කදී අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 218ක් පමණයි.
බැංගලෝර් ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් වේගවත් අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සමත්වූ අතර, ඔහු පන්දු 36කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර 8ක් සමඟින් ලකුණු 76ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව, නායක Faf du plessis ද පන්දු 33කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් ලබාගැනීමට සමත්වූ අතර, දිනේශ් කාර්තික් පන්දු 14කදී ලකුණු 28ක් හා Suyash Prabhudessai පන්දු 11කදී ලකුණු 19ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Tushar Deshpande පන්දුවාර 4 අවසානයේදී ලකුණු 45කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, මතීෂ පතිරණ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 42කට කඩුලු 2ක් බිඳ දැමීය. ඊට අමතරව Aksh Singh, මහීශ් තීක්ශන හා Moeen Ali එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා.
ඒ අනුව, රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත්කරමින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ 3 වන ජයත් වාර්තාකර ගැනීමට සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Devon Conway වේ.
තරඟයේ අවසන් පන්දුවාරයට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තරඟය ජයගැනීමට ලකුණු 19ක් අවශ්‍යව තිබූ අතර, එම පන්දුවාරය ක්‍රියාත්මක කළ මතීශ පතිරණ ලබාදුන්නේ ලකුණු 10ක් පමණයි. එම පන්දුවාරය වීඩියෝ එක මෙන්න.
Matheesha pic.twitter.com/AwRtevxJr3
— Stay Cricket (@staycricket) April 18, 2023