මහීශ් තීක්ශගේ සුපිරි පන්දු යැවීම අපතේ යයි. NYS කණ්ඩායම අවසන් මහා තරඟයට..

(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැක). හයවන වරටත් පවත්වන ලද  අබුඩාබි T10 තරඟාවලියේ Qualifier 1 තරඟය ලෙස අද (3) පැවතී Samp Army කණ්ඩායම හා New York Strikers කණ්ඩායම අතර පැවතී තරඟයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට New York Strikers කණ්ඩායම සමත්වුණා..

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් නායක Kieron Pollard, පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් Samp Army කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 81ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Dwaine Pretorius පන්දු 11කට මුහුණදෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව David Miller පන්දු 8 කදී එක් හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 13ක් හා නායක Moeen Ali ලකුණු 12ක් ලබාගත් අතර මහීශ් තීක්ශන ලකුණු 8ක් හා චාමික කරුණාරත්න ලකුණු 4ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී Akeal Hosein පන්දුවාර 2 අවසානයේදී ලකුණු 7කට කඩුලු 2ක් දවාගත් අතර,  Ravi Rampaul,  Jordan Thompson,  Wahab Riaz ද කඩුලු 2 බැඟින් බිඳ දැමීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 118ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 8.3 අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 82ක් ලබාගනිමින් තරඟය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

 

නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ Muhammad Waseem පන්දු 16කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 36 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු Eoin Morgan පන්දු 7කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබාගත් අතර,   Azam Khan පන්දු 9කදී ලකුණු 12ක් ද ලබාගැනීමට සමත්වුණා..

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ මහීශ් තීක්ශන නියමිත පන්දුවාර 2 අවසානයේදී ලකුණු 12කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව  Sheldon Cottrell, Karim Janat,  හා චාමික කරුණාරත්න ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.

 

 

ඒ අනුව, Samp Army කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කිරීමට නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූවේ නොදැවී ලකුණු 36 ලබාගත් Muhammad Waseem වේ.

 

 

මහීශ් තීක්ශන ලබාගත් කඩුලු 3 වීඩියෝව මෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *