මහීශ් තීක්ශනගෙන් සුපිරි පන්දු යැවීමත් සමඟින් Joburg Super Kings කණ්ඩායමට විශිෂ්ඨ ජයක්.
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) SA20 තරඟාවලියේ 29 වන තරඟය ලෙස පැවතී Mi Cape Town කණ්ඩායම හා Joburg Super kings කණ්ඩායම අතර තරඟයෙන් MI cape town පරදා ලකුණු 76ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට Joburg Super Kings කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් MI Cape Town කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Joburg Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 189ක් ලබාගැනීමට සමත්වුණා.
එහිදී, සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Leus Du Plooy පන්දු 48කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, Matthew Wade පන්දු 18කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 40ක් ලබාගත් අතර, Donovan Ferreira පන්දු 18කදී ලකුණු 19ක් ලබාගැනීමට සමත්වුණා. නායක Faf du plessis හට ලකුණු ලබාගැනීමට හැකිවූයේ නෑ.
පන්දු යැවීමේදී Sam Curran පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් හා Jofra Archer පන්දුවාර 4 අවසානයේදී ලකුණු 35කට කඩුලු 2ක් බිඳදැමූ අතර, George Linde හා Dewald Brevis එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.
අනතුරුව ලකුණු 190 ක දැවැන්ත ලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී MI cape town කණ්ඩායමට පන්දුවාර 17.5ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණයි.
MI Cape town ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා යොවුන් ක්‍රීඩක Dewald Brevis පන්දු 26කට මුහුණදෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව Grant Roelofsen පන්දු 24කදී එක් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් හා ආරම්භක පිතිකරු Rassie Van Der Dussen පන්ද 15කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද ලබාගැනීමට සමත්වූ අතර Tim David පන්දු 8කදී එක් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Gerald Coetzee පන්දුවාර 3.5ක් අවසානයේදී ලකුණු 27කට කඩුලු 3ක් හා Kyle simmons පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 23කට කඩුලු 3ක් දවාගත් අතර, මහීශ් තීක්ශන පන්දුවාර 4 අවසානයේදී ලකුණු 16කට කඩුලු 2ක් ද, Lizzad Williams, Donovan Ferreira එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.
ඒ අනුව, Mi Cape town කණ්ඩායමට එරෙහුව ලකුණු 76 විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට Joburg Super Kings කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ නොදැවී ලකුණු 81ක් ලබාගත් Leus Du Polly වේ.
මහීශ් තීක්ශන ලබාගත් කඩුලු 2 වීඩියෝව, (Video)
— CricDaily24 (@cricday96) February 7, 2023