මහීශ් තීක්ශන හා මතීෂ පතිරණගෙන් සුපිරි පන්දු යැවීම්. වීඩියෝ සහිතයි.

(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 29 වන තරඟය ලෙස අප්‍රේල් 21 වන දින පැවතී තරඟයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා පරදා කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට Ms දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 134ක් පමණයි.

හයිද්‍රාබාද් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Abhishek Sharma පන්දු 26කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව, රාහුල් ත්‍රිපාති පන්දු 21කදී එක් හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබාගැනීමට සමත්වූ අතර Harry Brook පන්දු 13කදී ලකුණු 18ක් ලබාගැනීමට සමත්විය. නායක Aiden markram හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 12ක් පමණයි.

පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, මතීශ පතිරණ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22කට එක් කඩුල්ලක් හා මහීශ් තීක්ශන පන්දුවාර 4 අවසානයේදී ලකුණු 27කට එක් කඩුල්ලක් බිඳ දැමීය. ඊට අමතරව Akash Singh ද ලකුණු 17කට එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට පන්දුවාර 18.4ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 138ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්විය.

චෙන්නායි ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට ආරම්භක පිතිකරු Devon Conway සමත්වූ අතර, ඔහු පන්දු 57කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 77ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව, ආරම්භක පිතිකරු Ruturaj Gaikwad පන්දු 30කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබාගැනීමට සමත්විය. අජින්ක්‍යා රහනේ හා අම්බටි රයිඩ, දෙදෙනාටම ලබාගැනීමට හැකිවූයේ ලකුණු 9ක් පමණයි. මොයින් අලී පන්දු 6කදී නොදැවී ලකුණු 6ක් ද ලබාගෙන සිටියා.

චෙන්නායි ඉනිමේ බිඳ වැටුනු කඩුලු 2ක් ලබාගැනීමට සමත්වූයේ Mayank Markande වේ.

ඒ අනුව, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට 4වන පරාජයත් උරුමකර දෙමින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ 4 වන ජයග්‍රහණයත් වාර්තාකර ගැනීමට අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ කඩුලු 3ක් දවාගත් රවීන්ද්‍ර ජඩේජා වේ..

මහීශ් තීක්ශන හා මතීෂ පතිරණ දවාගත් කඩුලු දෙක වීඩියෝ මෙන්න

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *