මහීහ් තීක්ශණට තවම කන්ට්‍රෝල් එකක් නැහැ. – ලසිත් මාලිංග

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය ආරම්භයට, නිමාවූ එක්දින තරඟාවලිය හා ඉදිරි තරඟාවලි සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රි ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩා ලසිත් මාලිංග මාධ්‍ය වැඩසටහනකට සහභාගී වී තිබුණා.

එහිදී ඔහු විසින්, නිමාවු තුන්වන එක්දින තරඟයේ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින්, කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ මහීශ් තීක්ශණ සම්බන්ධයෙන් ඔහුගේ අදහස ප්‍රකාශ කර සිටියා.

ලසිත් මාලිංග විසින් ප්‍රකාශ කර සිටියේ, අජන්ත මෙන්ඩිස් පන්දු යවන ආකාරයෙන් පන්දු යවන මහීශ් තීක්ශණට, අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට පැමිණෙන විට තිබූ කන්ට්‍රෝල් එක නැති බවයි. තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ එය ඔහුට පාලනය කර හැකි බවත්, මහන්සි වී පුහුණුවීම් කිරීම මඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට වටිනාම ක්‍රීඩකයෙක් බවට පත් වීමට ඔහුට හැකි බවයි.

“මම මහීශ්ව දැනගෙන තවම ඉතා කෙටිකාලයයි.. මීට කලින් මම ඒ වගේ පන්දු යවන්නෙක් දැක්කේ අජන්ත මෙන්ඩිස්ව. අජන්ත මෙන්ඩිස් ජාතික කණ්ඩායමට එනකොට තිබුණු පන්දු යැවීමේ කන්ට්‍රෝල් එක, මම මහීශ් තීක්ශනගෙන් දකින්නෑ. හැබැයි කන්ට්‍රෝල් එක කියන එක අපිට පාලයන කරන්න පුලුවන් දෙයක්. ඒක ක්‍රීඩකයා විසින් කරගැනීමට යුතු දෙයක්. මහීශ් තීක්ෂණට අජන්ත මෙන්ඩිස් විදියටම හැකියාව තියනවා හැබැයි එයා උනන්දු වෙන්න ඕනේ එයාගෙ හැකියාව හා දක්ශතාවය නිවැරැදිව දිගටම තියාගෙන යන්න.”

“අජන්ත මෙන්ඩිස් ආපු කාලේ, ඔහුගේ පන්දු වලට බැට් එකෙන් ගැහුවේ නැත්නම්, එක්කෝ LBW නැත්නම් විකට් වල වැඳිලා අවුට් වෙනවා.ඒ තරමට අජන්ත මෙන්ඩිස් එකදිගට විකට් එක කෙලින්ම පන්දු යව්වා. මහීත් තීක්ශණට තවම අවුරුදු 21ක තරුණ ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රී ලංකා ක්‍රීකට් වලට ලොකු සම්පතක්. එයාගේ වගකීම තමයි උපරිමයෙන්ම කැපවෙලා පුහුණුවීම් කරන එක.. අජන්ත මෙන්ඩිස් , රංගන හේරත්, පියල් විජේතුංග වැනි අය ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ එක්ක පුලුවන් තරම් කතා කරලා දේවල් අහගෙන ඉගෙන ගන්න ඕනේ.”

මේ අතර, 2021 විස්සයි විස්ස තරඟාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතයේ Mentor කෙනෙක් ලෙස පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතන මඟින් තීරණය කර ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ Mentor කෙනෙක් ලෙස, ලසිත් මාලිංග හට ආරාධනාවක් ආවොත්, ඔහු කැමති වෙනවා ද, යන්න ප්‍රේක්ෂකයෙක් විසින් අසන ලද ප්‍රශ්නයාට මාලිංග විසින් පිලිතුරු ලබා දුන්නේ මෙලෙසින්.

“මම ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයින් දියුණු වෙනවට හරිම කැමතියි. මම් කැමතියි අපේ රටෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ට වඩා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් බිහිවෙනවට. මම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරලා දැන් මට හැකියාවක් තියනවා ක්‍රීඩකයෙක් දිහා බලලා, ඔහුට තියන දක්ශතාවය ඔහුට කියා දීලා, ඒවා පාවිච්චි කරන විදිහ වගේ දේවල් කියාදෙන්න් පුලුවන්. ඉතින් එහෙම අවස්ථාවක් ආවොත් , ක්‍රීඩකයින්ට උදව් කිරීමේ පරමාර්ථයෙන් මම ඒකට කැමති වෙනවා. ” 

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න.  (Click කරන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *