මහේලලා, සංගක්කාරලා ක්‍රිකට් ගැහුවේ තමන්ගේ වාර්ථා වෙනුවෙන් – Arjuna Ranathunga

1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා සමඟින් මාධ්‍යවේදි චමිදිත සමරවික්‍රම ඔහුගේ යූටියුබ් නාළිකාව හරහා වත්මන් ක්‍රිකට් පිළිඹඳව සාකච්ඡාවක් පැවැත්වුවා.

එහිදී අර්ජුන රණතුංග විසින් ප්‍රකාශ කරන ලද්දේ දැන් ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් නොව මුදල් වෙනුවෙන් හා තමන්ගේ වාර්ථා සඳහා බවයි. එහිදී ඔහු ප්‍රධාන වශයෙන් ඇඟිල්ල දිගු කරන ලද්දේ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර වෙතටයි.

“1996 ලෝක කුසලානය දින්නට පස්සේ මම මහේල ජයවර්ධනව නොම්බර් 5 දීලා මම නොම්බර 6ට ගියා. මම ලෝකේ දිනපු මනුස්සයා. ඇයි මම එහෙම කරන්නේ. මම දැනගත්තා මම අවුරුදු 3,4ක් විතර ගියාට පස්සේ එතනට ක්‍රීඩකයෙක්ව හදන්න ඕනේ කියලා. මම දැක්කා මහේල දක්ශ ක්‍රීඩකයෙක් කියලා. නැත්නම් කවදාවත් මම මහේලට නොම්බර් 5 දෙන්නේ නැහැ. ඒ කාලේ මම කරේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ගහපු එක. නමුත් අද කට්ටිය ක්‍රිකට් ගහන්නේ සල්ලි වලටයි තමන්ගේ වාර්ථා වලටයි.

මේ දේ 2015 ඉදන් වුන දෙයක්. 2015 දී කණ්ඩායමේ සිටිය අය යන කොට පසුපෙළ ක්‍රීඩකයින්ව හදලා ගියේ නැහැ. මහේල , සංගක්කාරලා මේ රටේ සිටිය දක්ශතම ක්‍රීඩකයෝ. නමුත් එයාලා යන කොට නායකයෙක් හදලා ගියේ නැහැ. ඒගොල්ලොන්ගේ ස්ථානයේ පිතිකරුවන්ව ක්‍රීඩා කෙරෙව්වේ නැහැ. මම ඉවත් වෙන කොට නොම්බර් 7 සෙල්ලම් කළේ. සනත් ඇවිල්ලා මට කිව්වා “අයියා නොම්බර් 7ට ගියොත් මට තරුණ ක්‍රීඩකයෙක්ව මැදට දාගන්න පුලුවන්” කියලා.

ඒ කාලේ තරඟාවලියක මුල් තරඟ ටික දිනුවාම අරවින්දට ඊලඟ තරඟය සෙල්ලම් කරන්න අවශ්‍ය නෑ කිව්වාම එයා සෙල්ලම් කරන්නෙ නැහැ. නැත්නම් ඒ තරඟයේ මම සෙල්ලම් කරන්නෙ නැතුව සනත්ට නායකත්වය කරන්න දෙනවා. රෙකෝඩ්ස් ගහන්න ආපු අය නිසා තමයි මේ ක්‍රිකට් විනාශ වුණේ. ඒගොල්ලොත් තමන්ගේ රෙකෝඩ්ස් ගැන නැතුව රට ගැන හිතලා ගැහුවනම් අද මේ වෙලා තියන දේ කවදාවත් වෙන්නේ නැහැ.

ක්‍රිකට් හදන්න කවදාවත් මට කතා කරන්නේ නැහැ. මොකද, අර්ජුන රණතුංග කියන නමට ගොඩක් දෙනෙක් බයයි. ඒගොල්ලෝ බයෙන් ඉන්නේ අර්ජුන රණතුංග කවදා හරි ඉම්රාන් කාන් කෙනෙක් වෙයි කියලා. නමුත් මට ඉම්රාන් කාන් කෙනෙක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ.

මට මේ ලංකාවේ ක්‍රිකට් බාර දෙනවනම් මම මාස හයෙන් හදනවා. හැබැයි මගේ වැඩ වලට ඇඟිලිගන්න කාටවත් බැහැ. මම තව සනත් ජයසූරියයි , අරවින්ද සිල්වයි වැඩ කරන්න ගන්නවා. මහේල ජයවර්ධනට කතා කරලා කියනවා ඇවිත් අපේ ටීම් එකේ ප්‍රධාන පුහුණුකරු ධූරය ගන්න කියලා. මොකද, එයාට මුම්බායි ඉන්දියන්ස් වල කරන්න පුලුවන්නම් ඇයි ලංකාවේ කණ්ඩායම වෙනුවෙන් කරන්න බැරි. පිටරට කිසිම පුහුණුකරුවෙක්ව මම ගන්නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *