මහේල ජයවර්ධන මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව සමඟින් එක්වෙයි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක, වර්ථමාන මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කරන පරිදි, ලබන මස පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලියේ පලමු වටයේ තරඟ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් උපදේශකවරයෙකු ලෙස එක්වීමට නියමිතයි.

මේ වන විට මහේල ජයවර්ධන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අයි.පී.එල් තාරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටින අතර එම තරඟාවලිය අවසන් වූ විට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතයි.

ඔක්තෝබර් 16 වෙනිදා සිට 23 වෙනිදා දක්වා දින 7ක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් රැඳී සිටින අතර, එම කාලය තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම නැම්බියාව, නෙදර්ලන්තය , අයර්ලන්තය සමඟින් තරඟ කිරීමට නියමිතයි.

මේ අතර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් එක්ව, ඔහු විසින් මාස 5ක කාලයක් වැටුප් ලබා ගැනීමෙන් තොරව තම සේවය ලබා දීමට නියමිතව ඇත.

මෙලෙස 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන්නේ බටහිර ඉන්දීය කොදෙව්හීදී ලබන වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලානය අරමුණු කරගනිමින් වේ.

2022 අලුත්ම ලෙජන්ඩ් තරඟාවලියේ සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න. (Click)

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න (Click)

2018 දී බංගලාදේශය විසින් නටන ලද නයි නැටුම ගැන තමීම් ඉක්බාල් කිව්ව දේ මෙතනින් බලන්න. (Click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *